Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 23:10 - Sinhala New Revised Version

10 එවිට දාවිත් මෙසේ පැවසුවේ ය: “ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්ස, සාවුල් මා නිසා කෙයිලා නගරය විනාශ කරන පිණිස එන්නට සැරසෙන බව ඔබේ මෙහෙකරු වන මට සැබැවින් සැළ වී තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 එවිට දාවිත් මෙසේ පැවසුවේ ය: “ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්ස, සාවුල් මා නිසා කෙයිලා නගරය විනාශ කරන පිණිස එන්නට සැරසෙන බව ඔබේ මෙහෙකරු වන මට සැබැවින් සැළ වී තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

10 එවිට දාවිත්: ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, සාවුල් මා නිසා කෙයිලා නුවර විනාශකරන පිණිස එන්ට සොයන බව ඔබගේ මෙහෙකරුවාවූ මට සැබවින් සැලවී තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 23:10
8 හුවමාරු යොමු  

දුබල සෙනඟක් ආණ්ඩු කරන දුෂ්ටයා ගොරවන සිංහයෙකි, ගොදුරු සොයා යන වලසෙකි.


එහෙත්, මොර්දෙකයිගේ ජාතිය කුමක් දැ යි ඔහු දැනගත් විට, ඔහු පමණක් මැරීම නොසෑහේ යයි ඔහු සිතී ය. එබැවින් හාමාන් අහෂ්වේරොෂ්ගේ මුළු රාජ්‍යයෙහි සිටි මොර්දෙකයිගේ සෙනඟ වන සියලු ජුදෙව්වරුන් විනාශ කරන්නට අධිෂ්ඨාන කරගත්තේ ය.


දාවිත් සහ ඔහුගේ සෙනඟ වටලනු පිණිස සාවුල් කෙයිලා නගරයට යන්නට සියලු සෙනඟ යුද්ධය සඳහා කැඳෙව්වේ ය.


ඔහු පූජකයන්ගේ නුවර වන නොබ්ටත් එනම්, එහි සිටි පුරුෂයන්ට හා ස්ත්‍රීන්ටත්, බාලයන්ට හා කිරි දරුවන්ටත්, ගවයන්ටත්, කොටළුවන්ටත්, බැටළුවන්ටත් කඩුවෙන් පහර දුන්නේ ය.


හොඳයි! නුවරෙහි දමිටුන් පණස්දෙනෙක් සිටිත් නම්, මේ පණස්දෙන නිසා නුවර නොවනසා ඊට සමාව නොදෙන සේක් ද?


තමාට අනතුරු කරන්නට සාවුල් උපා යොදන බව දාවිත් දැන ගත් විට, “ඒපොද් සැට්ටය මෙහි ගෙනෙන්නැ”යි ඔහු පූජක අබියාතර්ට කීවේ ය.


කෙයිලාහි ජනයා සාවුල් අතට මා පාවා දෙනවා ඇද් ද? ඔබේ මෙහෙකරු වන මට සැළ වී තිබෙන ලෙස සාවුල් එනවා ඇද් ද? ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්ස, ඔබේ මෙහෙකරුට දැන්වුව මැනව.” සමිඳාණන් වහන්සේ පිළිතුරු දෙමින්, “සාවුල් එන්නේ ය”යි වදාළ සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්