දාවිත් කතා කොට, “සාවුල්ගේ වංශයෙන් යමෙක් තව ඉතුරු ව සිටී ද? සිටිනවා නම්, මම ජොනතන් නිසා ඔහුට කරුණාව පෙන්වන්නෙමි”යි කීවේ ය.
1 සාමුවෙ 20:42 - Sinhala New Revised Version 2018 ජොනතන් දාවිත්ට කතා කොට, “ඔබ ද මා ද ඔබේ පරම්පරාව ද මාගේ පරම්පරාව ද අප දෙදෙනා අතරේ කරගත් ගිවිසුම සදහට ම පවතින ලෙස සමිඳාණන් වහන්සේ සහතික කරන සේකැ”යි කී ය. එවිට දාවිත් නැඟිට පිටත් ව ගියේ ය. ජොනතන් ආපසු නුවරට ගියේ ය. Sinhala New Revised Version ජොනතන් දාවිත්ට කතා කොට, “ඔබ ද මා ද ඔබේ පරම්පරාව ද මාගේ පරම්පරාව ද අප දෙදෙනා අතරේ කරගත් ගිවිසුම සදහට ම පවතින ලෙස සමිඳාණන් වහන්සේ සහතික කරන සේකැ”යි කී ය. එවිට දාවිත් නැඟිට පිටත් ව ගියේ ය. ජොනතන් ආපසු නුවරට ගියේ ය. Sinhala Revised Old Version යොනාතාන් දාවිත්ට කථාකොට: ස්වාමීන්වහන්සේ මා සහ නුඹ අතරේද මාගේ වංශය සහ නුඹේ වංශය අතරේද සෑම කල්හිම වනසේක්වයි කියා අප දෙදෙනා ස්වාමීන්වහන්සේගේ නාමයෙන් දිවුරා තිබේ, ඒ නිසා සමාදානයෙන් යන්නැයි කීවේය. එවිට ඔහු නැගිට පිටත්ව ගියේය. යොනාතාන් නුවරට ගියේය. |
දාවිත් කතා කොට, “සාවුල්ගේ වංශයෙන් යමෙක් තව ඉතුරු ව සිටී ද? සිටිනවා නම්, මම ජොනතන් නිසා ඔහුට කරුණාව පෙන්වන්නෙමි”යි කීවේ ය.
එහෙත් උන් වහන්සේ, “ඔබේ ඇදහිල්ල ඔබට ගැළවීම ගෙන දුන්නේ ය, ශාන්ති සිතින් යන්නැ”යි ඒ ස්ත්‍රියට වදාළ සේක.
එවිට හිරගෙයි මුලාදෑනියා එපවත් පාවුලුට දන්වා, “ඔබ මුදා හරින්නට නඩුකාරවරු කියා එවූ හ. එබැවින් පිටතට අවුත් සාමදානයෙන් යන්නැ”යි කී ය.
එවිට ඒලී පිළිතුරු දෙමින්, “ශාන්ති සිතින් යන්න; ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේගෙන් ඔබ කළ ඉල්ලීම උන් වහන්සේ ඔබට ඉෂ්ට කර දෙන සේක්වා”යි කීවේ ය.
මා මැරුණොත්, මාගේ පවුලේ ඥාතීන් කෙරෙහි ඔබේ කරුණාව කවදාවත් පහ නොකරන්න. එසේ ය, සමිඳාණන් වහන්සේ දාවිත්ගේ සතුරන් එකිනෙකා මිහි පිටින් සිඳ දැමූ පසුත්,
ඔබත් මාත් අතර කළ ගිවිසුම නොකැඩී පවතී වා. එය කඩ කරනු ලැබුවොත්, සමිඳාණන් වහන්සේ ඔබට දඬුවම් කරන සේක.”
ඔවුන් දෙදෙනා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ගිවිසුමක් කරගත්හ. දාවිත් හොරෙෂ්හි නැවතී සිටියේ ය; ජොනතන් තමාගේ ගෙදරට ගියේ ය.
මෙසේ කියා දාවිත් අබිගායිල් තමාට ගෙනා දේවල් ඇගේ අතින් පිළිගෙන, “ඔබේ ගෙදරට ශාන්ති සිතින් යන්න; මම ඔබේ හඬට සවන් දී ඔබ කී දේ පිළිගතිමි”යි කීවේ ය.