ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 සාමුවෙ 20:32 - Sinhala New Revised Version 2018

ජොනතන් තම පිය සාවුල්ට උත්තර දෙමින්, “ඔහු මැරිය යුත්තේ මන් ද? ඔහු කළ වරද කුමක් දැ”යි ඇසී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ජොනතන් තම පිය සාවුල්ට උත්තර දෙමින්, “ඔහු මැරිය යුත්තේ මන් ද? ඔහු කළ වරද කුමක් දැ”යි ඇසී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

යොනාතාන් තමාගේ පියවූ සාවුල්ට උත්තරදෙමින්: ඔහු මරන්ට ඕනෑ මක්නිසාද? ඔහු කෙළේ මොකදැයි කීවේය.

පරිච්ඡේදය බලන්න



1 සාමුවෙ 20:32
17 හුවමාරු යොමු  

එවිට ජාකොබ් තදින් රොස් වී, ලාබන්ට බැණ වැදුණේ ය. “ඔබ මා පසුපස්සේ මෙතරම් වේගයෙන් ලුහුබැඳ ඒමට මා කළ වැරැද්ද කුමක් ද? මා කළ අපරාධය කුමක් ද?


වහා කිපෙන අයෙකු සමඟ මිත්‍ර නොවන්න; කෝපයෙන් පුපුරන කෙනෙකු ඇසුරු නොකරන්න.


කෝප වීමට ඉක්මන් නොවන්න. මන්ද, කෝපය සිතේ තබාගැනීම අනුවණකමකි.


මිනිස් ලොවෙහි කෙරෙන සියල්ල අතර ඇති එක් වරදක් නම්, සියල්ලන්ට ම එක ම අවසානයක් ඇති වීම ය. එනම්, මනුෂ්‍යයන්ගේ සිත් නපුරෙන් පිරී ඔවුන්ගේ මුළු ජීවිත කාලයෙහි මෝහය ඔවුන්ගේ සිත්වල තිබීම ය, ඉන්පසු ඔව්හු මියයන්නෝ ය.


අන් කිසිවකට වඩා සිත කපටි ය, හැම අතින් ම එය දූෂණය වී ඇත; එය තේරුම්ගත හැක්කේ කාට ද?


එවිට ඔහු, “මන් ද? මොහු මොන අපරාධයක් කෙළේ දැ”යි ඇසී ය. එහෙත්, “ඔහු කුරුසියෙහි ඇණ ගසන්නැ”යි ඔව්හු වැඩි වැඩියෙන් හඬ නඟමින් මොරගැසූ හ.


ඔහු තෙ වන වරටත් කතා කොට, “කිමෙ‍ක් ද? මොහු කවර අපරාධයක් කෙළේ ද? මොහු අත මරණීය දණ්ඩනයට සුදුසු කිසිවක් නැත. එබැවින් මොහුට තළා මුදා හරිමි”යි කී ය.


“පළමුකොට යම් මිනිසකුගෙන් කරුණු නොවිමසා, ඔහු කරන්නේ කුමක් දැ යි තේරුම් නොගෙන, අපේ ව්‍යවස්ථාව අනුව ඔහු විනිශ්චය කළ හැකි දැ”යි ඔවුන්ගෙන් ඇසී ය.


“මම දාවිත් බිත්තියට ම ඇණ තබමි”යි සිතා ඔහු හෙල්ලය දාවිත් දෙසට දෙවරක් විසි කෙළේ ය. දාවිත් අහකට පැන බේරුණේ ය.


ජොනතන් තම පිය සාවුල්ට දාවිත්ගේ ගුණ වර්ණනා කරමින් මෙසේ කී ය: “පිය රජතුමෙනි, ඔබේ සේවකයා වන දාවිත්ට විරුද්ධ ව පව් නොකරන්න. මන්ද, ඔහු ඔබට විරුද්ධ ව පව් කෙළේ නැත. ඇරත් ඔහු කළ හැම ක්‍රියාවක් ම ඔබට ඉතා ප්‍රයෝජනවත් විය.


ඔහු සිය දිවිත් නොතකා ගොස් අර පිලිස්තියයා මැරුවේ ය. එයින් සමිඳාණන් වහන්සේ සියලු ඉශ්රායෙල්වරුන්ට විශිෂ්ට ජයග්‍රහණයක් අත් කර දුන් සේක. ඔබ එය දැක ප්‍රීති වූයෙහි ය. එබැවින් නිකරුණේ දාවිත් මරා නිදොස් ලේ වැගිරීමෙන් ඔබ පව් කරන්නට හදන්නේ මන් ද?”


දාවිත් රාමායේ වූ නායොත්හි සිට පලා ගොස් ජොනතන් ළඟට පැමිණ, “ඔබේ පියාණන් මා මරන්නට සොයන්නේ මා කුමක් කළ නිසා ද? මාගේ අපරාධය කිමෙක් ද? ඔහුට විරුද්ධ ව මා කළ පාපය කුමක් දැ”යි ඇසුවේ ය.


ඉතින් ඔහු, ‘හොඳයි’ කීවොත්, ඔබේ මෙහෙකරු වන මට අනතුරක් නොවන බව එයින් පෙනෙනු ඇත. එහෙත්, ඔහු කිපුණොත්, ඔහු මට නපුරක් කරන්නට අදහස් කරගෙන සිටින බව එයින් පෙනෙනු ඇත.


එවිට අහිමෙලෙක් පිළිතුරු දෙමින්, “රජ්ජුරුවන්ගේ බෑණා වන ඔබේ ආරක්ෂක පිරිසේ ප්‍රධානියා වන ඔබේ රජ වාසල රාජ සභාවේ සියල්ලන් විසින් ගරු කොට සලකනු ලබන දාවිත් මෙන් ඔබේ මෙහෙකරුවන් අතරෙන් විශ්වාස ව සිටින්නේ කවරෙක් ද?