ඔව්හු මාගේ සෙනඟට බාල් දෙවියා ගැන දිවුරන්නට ඉගැන්වූ පරිදි, මාගේ සෙනඟගේ දහම් මඟ මුළු සිතින් පිළිගෙන, ‘ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ය’ කියා මාගේ නමින් දිවුරන්නට ඉගෙනගන්නෝ නම්, ඔව්හු ද මාගේ සෙනඟගේ කොටසක් වී සමෘද්ධිමත් වන්නෝ ය.
1 සාමුවෙ 20:21 - Sinhala New Revised Version 2018 ඉන්පසු ඊගස් සොයාගෙන එන පිණිස මාගේ සේවකයා යවන්නෙමි. මා සේවකයා අමතා ‘බලන්න, ඊගස් ඇත්තේ ඔබට මේ පැත්තෙන් ය; ඒවා ගන්නැ’යි කීවොත්, එයින් අදහස් කරන්නේ ඔබට අනතුරක් නැති බව ය. එබැවින් ඔබට පිට වී ආ හැකි ය. ඔබ කිසි අනතුරකට නොවැටෙන බවට සමිඳාණන් වහන්සේගේ නාමයෙන් මම දිවුරා කියමි. Sinhala New Revised Version ඉන්පසු ඊගස් සොයාගෙන එන පිණිස මාගේ සේවකයා යවන්නෙමි. මා සේවකයා අමතා ‘බලන්න, ඊගස් ඇත්තේ ඔබට මේ පැත්තෙන් ය; ඒවා ගන්නැ’යි කීවොත්, එයින් අදහස් කරන්නේ ඔබට අනතුරක් නැති බව ය. එබැවින් ඔබට පිට වී ආ හැකි ය. ඔබ කිසි අනතුරකට නොවැටෙන බවට සමිඳාණන් වහන්සේගේ නාමයෙන් මම දිවුරා කියමි. Sinhala Revised Old Version ඊගස් සොයාගන එන්ට ළමයා හරින්නෙමි. ඊගස් නුඹට මෙහායින්ය, ඒවා ගෙනෙන්නැයි මම ළමයාට කියම්නම් නුඹ එන්න; මක්නිසාද ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම නුඹට සමාදානය මිස වෙන කිසිවක් නැත්තේය. |
ඔව්හු මාගේ සෙනඟට බාල් දෙවියා ගැන දිවුරන්නට ඉගැන්වූ පරිදි, මාගේ සෙනඟගේ දහම් මඟ මුළු සිතින් පිළිගෙන, ‘ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ය’ කියා මාගේ නමින් දිවුරන්නට ඉගෙනගන්නෝ නම්, ඔව්හු ද මාගේ සෙනඟගේ කොටසක් වී සමෘද්ධිමත් වන්නෝ ය.
සැබෑ ලෙසත්, යුතු ලෙසත්, අවංක ලෙසත් ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරන්නෙහි නම්, සියලු ජාතීහු නුඹ ආසිරිලත් අයුරින් ආසිරි පතා මට ප්‍රශංසා කරන්නෝ ය.”
ඔවුන්, ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරන නමුත්, ඇත්තෙන් ම ඔවුන් දිවුරන්නේ බොරුවට ය.
‘දාන්හි ජීවමාන දෙවියන්ගේ නාමයෙන්’ කියා ද ‘බෙයර්-ෂෙබාහි ජීවමාන දෙවියන්ගේ නාමයෙන්’ කියා ද සමාරියේ දෙවිවරුන් නමින් ද දිවුරන සියලු දෙන නැවත නැඟිටින්නට නොහැකි වන ලෙස වැටෙන්නෝ ය.”
එහෙත්, සේවකයා අමතා, ‘ඊගස් ඇත්තේ ඔබට එහා පැත්තෙන් ය’යි කීවොත් පලා යන්න. මන්ද, සමිඳාණන් වහන්සේ ඔබ පිටත් කර යවන සේක.
ඔහු ළමයාට කතා කොට, “ඔබ දුව ගොස් මා විදින ඊගස් සොයාගෙන එන්නැ”යි කියා ළමයා දුවද්දී ඔහුට එහායින් ඊගසක් විද්දේ ය.