1 සාමුවෙ 20:10 - Sinhala New Revised Version 2018 එවිට, දාවිත්, “ඔබේ පියාණන් ඔබට උදහසින් උත්තර දුන්නොත් ඒ බව මට දන්වන්නේ කවරෙක් දැ”යි ජොනතන්ගෙන් ඇසී ය. Sinhala New Revised Version එවිට, දාවිත්, “ඔබේ පියාණන් ඔබට උදහසින් උත්තර දුන්නොත් ඒ බව මට දන්වන්නේ කවරෙක් දැ”යි ජොනතන්ගෙන් ඇසී ය. Sinhala Revised Old Version එවිට දාවිත්: නුඹේ පියාණන් නුඹට තදලෙස උත්තර දුන්නොත් මට දන්වන්නේ කවුදැයි යොනාතාන්ගෙන් ඇසුවේය. |
ජෝසෙප් ඔහුගේ සහෝදරයන් දැක, ඔවුන් හඳුනාගත් නමුත්, තමා නාඳුනන්නාක් මෙන් හඟවා, ඔවුන්ට තදින් කතා කරමින්, “නුඹලා ආවේ කිනම් රටකින් දැ”යි ඇසී ය. “ආහාර මිලට ගනු පිණිස කානාන් දේශයෙන් ය”යි ඔව්හු කී හ.
ජොනතන් ඊට පිළිතුරු දෙමින්, “ඔබට එසේ නොවේ වා! ඔබට නපුරක් කරන්නට මාගේ පියා අදහස් කර සිටින බව මා ඇත්තට ම දන්නවා නම්, මා එය ඔබට දන්වන්නේ නැද්දැ”යි කී ය.
නාබල් දාවිත්ගේ මෙහෙකරුවන්ට පිළිතුරු දෙමින්, “දාවිත් කවරෙක් ද? ජෙස්සේගේ පුත්‍රයා කවරෙක් ද? මේ කාලයේ තම තමන්ගේ ස්වාමීවරුන් වෙතින් පලා යන මෙහෙකරුවෝ බොහෝ වෙති.
නාබල්ගේ මෙහෙකරුවන්ගෙන් එක් කෙනෙක් ඔහුගේ බිරිඳ වූ අබිගායිල්ට මෙසේ කීවේ ය: “අප ස්වාමියාට ආචාර කරන පිණිස දාවිත් කාන්තාරයේ සිට පණිවුඩකාරයන් එව්වේ ය. එහෙත්, ඔහු ඔවුන්ට බැණ වැදුණේ ය.
ඒ නිසා දැන් ඔබ ඒ කරුණු දැනගෙන කුමක් කටයුතු දැ යි කල්පනා කළ මැනව. මන්ද, අපේ ස්වාමියාටත්, ඔහුගේ මුළු පවුලටත් විරුද්ධ ව අනතුරක් කිරීමට නියම කර ඇත. අපේ ස්වාමියා කොතරම් දුර්ජනයෙක් ද කීවොත්, ඔහු සමඟ කිසිවෙකුට කතා කරන්නට නොහැකි ය.”