ඇරත් තමා කෙරෙහි ඔහු කලින් මෙන් ප්‍රිය මනාප නො වූ බව ලාබන්ගේ මුහුණින් ම ජාකොබ්ට පෙනී ගියේය.
1 සාමුවෙ 19:7 - Sinhala New Revised Version 2018 ජොනතන් දාවිත්ට අඬගසා ඒ සියල්ල ඔහුට දන්වා, සාවුල් ළඟට ඔහු කැඳවාගෙන ගියේ ය. දාවිත් ද පෙර ලෙස සාවුල් ඉදිරියෙහි සේවය කෙළේ ය. Sinhala New Revised Version ජොනතන් දාවිත්ට අඬගසා ඒ සියල්ල ඔහුට දන්වා, සාවුල් ළඟට ඔහු කැඳවාගෙන ගියේ ය. දාවිත් ද පෙර ලෙස සාවුල් ඉදිරියෙහි සේවය කෙළේ ය. Sinhala Revised Old Version යොනාතාන් දාවිත්ට අඬගසා ඒ සියල්ල ඔහුට දන්වා, සාවුල් ළඟට ඔහු කැඳවාගන ගියේය, හෙතෙම පෙර ලෙස ඔහු ඉදිරියෙහි සිටියේය. |
ඇරත් තමා කෙරෙහි ඔහු කලින් මෙන් ප්‍රිය මනාප නො වූ බව ලාබන්ගේ මුහුණින් ම ජාකොබ්ට පෙනී ගියේය.
පසුගිය කාලවල සාවුල් රජ ව සිටිය දී පවා, ඉශ්රායෙල්වරුන් යුද්ධයට ගෙන ගියේ ද ආපසු ගෙනාවේ ද ඔබ ය. ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ කතා කොට, ‘නුඹ මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන් පාලනය කරන්නෙහි ය, නුඹ මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ගේ අධිපතියා වන්නෙහි ය’ කියා ඔබට වදාළ සේකැ”යි කීවෝ ය.
ඉන්පසු මෝසෙස් සමිඳාණන් වහන්සේ අමතා, “මාගේ ස්වාමීනි, ඔබ වහන්සේ ඔබේ දාසයා හා සමඟ කතා කළ පසු වේ වා, ඊට පෙර වේ වා, මම ව්‍යක්ත කථිකයෙක් නො වීමි. කීමෙහි බිණීමෙහි දුබල ය, දිව ගොතගහන සුලු ය”යි කී ය.
මීට කලකට පෙර අසිරියාවේ රජ්ජුරුවන් පුළුස්සාදමන මහා ගින්නක් ඇති තැනක් සූදානම්කර තිබුණේ ය. එය ඉතා ගැඹුරු ය, පළල් ය. එහි උසට දර ගොඩ ගසා ඇත. එහි ගිනි දල්වන පිණිස සමිඳාණන් වහන්සේ ගිනි වැනි හුස්මක් ඒ පිට හෙළන සේක.
දාවිත් සාවුල් වෙත අවුත්, ඔහුගේ සේවයට බැඳුණේ ය. සාවුල් ඔහුට ඉතා ප්‍රේම කෙළේ ය. ඔහු සාවුල්ගේ ආයුධ රැගෙන යන්නා විය.
පසු දා දෙවියන් වහන්සේගෙන් දුෂ්ටාත්මයක් සාවුල්ට ආවේශ විය. ඔහු නිවෙස ඇතුළේ පිස්සෙකු මෙන් දෙඩෙවුවේ ය. දාවිත් පෙර ලෙස වීණාව වාදනය කරන විට සාවුල්ගේ අතේ හෙල්ලයක් තිබිණි.
ඒ නිසා සාවුල් තමා වෙතින් දාවිත් අහක් කොට, ඔහු සහශ්‍රාධිපතියෙකු කෙළේ ය. දාවිත් මූලිකත්වය දරා සෙනඟ කැටුව සටනට ගියේ ය.
ඒ දවසේ පටන් සාවුල්, දාවිත් තමා සමඟ නවතාගෙන ඔහුගේ පියාගේ ගෙදරට යන්නට ඔහුට ඉඩ නුදුන්නේ ය.
සාවුල් ජොනතන්ගේ බසට ඇහුම්කන් දී, ඔහු දාවිත් නොමරන බව සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරා කීවේ ය.
නැවතත් යුද්ධයක් ඇති විය. දාවිත් පිටත් ව ගොස් පිලිස්තිවරුන්ට විරුද්ධ ව යුද්ධ කොට ඔවුන් අතරේ මහා විනාශයක් කෙළේ ය. ඔව්හු ද ඔහු ඉදිරියෙන් පලා ගියහ.