Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 19:7 - Sinhala Revised Old Version

7 යොනාතාන් දාවිත්ට අඬගසා ඒ සියල්ල ඔහුට දන්වා, සාවුල් ළඟට ඔහු කැඳවාගන ගියේය, හෙතෙම පෙර ලෙස ඔහු ඉදිරියෙහි සිටියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 ජොනතන් දාවිත්ට අඬගසා ඒ සියල්ල ඔහුට දන්වා, සාවුල් ළඟට ඔහු කැඳවාගෙන ගියේ ය. දාවිත් ද පෙර ලෙස සාවුල් ඉදිරියෙහි සේවය කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 ජොනතන් දාවිත්ට අඬගසා ඒ සියල්ල ඔහුට දන්වා, සාවුල් ළඟට ඔහු කැඳවාගෙන ගියේ ය. දාවිත් ද පෙර ලෙස සාවුල් ඉදිරියෙහි සේවය කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 19:7
10 හුවමාරු යොමු  

ඒ නිසා සාවුල් තමා වෙතින් ඔහු අහක්කොට සහස්‍රාධිපතියෙකු කෙළේය; මෙසේ ඔහු සෙනඟට පෙරටුවෙන් යන්ට එන්ට වන්නේය.


ඒ දවසේ සාවුල් ඔහු නවත්වාගෙන, ඔහුගේ පියාගේ ගෙදරට හැරීයන්ට තවත් ඔහුට ඉඩ නුදුන්නේය.


දාවිත් සාවුල් ළඟට ඇවිත් ඔහු ඉදිරියෙහි සිටියේය. ඔහුද ඔහුට ඉතා ආදරේවිය; ඔහු සාවුල්ගේ ආයුධ ගෙනයන්නා වුණේය.


තවද පසුවදා දෙවියන්වහන්සේගෙන් නපුරු ආත්මයක් සාවුල්ට ආවේශවිය, ඔහු ගේ ඇතුළේදී ධර්මවාග් ලීලාවෙන් දෙඩෙව්වේය. එවිට දාවිත් වෙන දවස්වල මෙන් අතින් වීණාව ගෑවේය. සාවුල්ගේ අතේ හෙල්ලය තිබුණේය.


මක්නිසාද පුරාණයේ සිට තෝපෙත් ගින්න පිළියෙළකර තිබේ; එසේය, රජුට ඒක සූදානම්කොට ගැඹුරුකර පළල්කර තිබේ. ඒ ගොඩ වනාහි ගිනි සහ දර සෑයක්ය; ගෙන්දගම් ඔයක් වැනි ස්වාමීන්වහන්සේගේ හුස්මට එය ඇවිළීයයි.


පසුගිය කාලවල, සාවුල් රජව සිටියදී පවා, ඉශ්‍රායෙල් පිටතට ගෙන ගියෙත් ඇතුළට ගෙනාවෙත් ඔබය. ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ–නුඹ මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් පාලනයකරන්නෙහිය, නුඹ මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් කෙරෙහි අධිපතියා වන්නෙහියයි ඔබට කීසේකැයි කීවෝය.


මෝසෙස්: අහෝ, ස්වාමීනි, මීට ප්‍රථමවත් ඔබ තමන් මෙහෙකරුවාට කථාකළාට පසුවවත් මම ව්‍යක්තයෙක් නොවෙමි. මක්නිසාද කථාවට අදක්ෂවූ අදක්ෂ දිවක් ඇත්තාවූ කෙනෙක්මියි ස්වාමීන්වහන්සේට කීයේය.


ලාබන්ගේ මුහුණ තමා කෙරෙහි ඉස්සර වාගේ ප්‍රිය නැති බව යාකොබ් දුටුවේය.


සාවුල් යොනාතාන්ගේ හඬට ඇහුම්කන්දී: ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම ඔහු මරනු නොලබන්නේයයි දිවුරුවේය.


නැවතත් යුද්ධයක් විය. දාවිත් පිටත්ව ගොස් පිලිස්තිවරුන්ට විරුද්ධව යුද්ධකොට ඔවුන් අතරේ මහත් නාස්තියක් කෙළේය; ඔව්හු ඔහු ඉදිරියෙන් පලාගියෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්