ඔව්හු ද, “සමිඳාණන් වහන්සේ ඔබ සමඟ වන බව අපට ඒකාන්තයෙන් ම පැහැදිලි ය. එබැවින්, ‘දැන් ඉතින් ඔබ හා අප අතර දිවුරුමක් තිබිය යුතු ය. ඔබ සමඟ අපි, ගිවිසුමක් කරගනිමු’යි කියා අපි කතා කරගත්තෙමු.
1 සාමුවෙ 18:28 - Sinhala New Revised Version 2018 සමිඳාණන් වහන්සේ දාවිත් සමඟ සිටින බවත්, මුළු ඉශ්රායෙල් ජනයා ඔහුට ප්‍රිය බවත් සාවුල්ට හැඟී ගියේ ය. Sinhala New Revised Version සමිඳාණන් වහන්සේ දාවිත් සමඟ සිටින බවත්, මුළු ඉශ්රායෙල් ජනයා ඔහුට ප්‍රිය බවත් සාවුල්ට හැඟී ගියේ ය. Sinhala Revised Old Version ස්වාමීන්වහන්සේ දාවිත් සමඟ සිටින බව සාවුල් දැක තේරුම්ගත්තේය; සාවුල්ගේ දුවවූ මීඛල් දාවිත්ට ආදරේවූවාය. |
ඔව්හු ද, “සමිඳාණන් වහන්සේ ඔබ සමඟ වන බව අපට ඒකාන්තයෙන් ම පැහැදිලි ය. එබැවින්, ‘දැන් ඉතින් ඔබ හා අප අතර දිවුරුමක් තිබිය යුතු ය. ඔබ සමඟ අපි, ගිවිසුමක් කරගනිමු’යි කියා අපි කතා කරගත්තෙමු.
ලාබන් ඔහුට උත්තර දෙමින්, “ඔබ මට කරුණාව දක්වන්නෙහි නම් මට සවන් දෙන්න. මන්ද, සමිඳාණන් වහන්සේ ඔබ නිසා මට ආශීර්වාද කළ බව මම නිමිති බැලීමෙන් දැනගතිමි.
ඔහුගේ ස්වාමියා ද සමිඳාණන් වහන්සේ ජෝසෙප් සමඟ වැඩසිටි බවත්, ඔහු කළ සියල්ල සාර්ථක වීමට උන් වහන්සේ සැලැසූ බවත් දිටී ය.
බලන්න, ජුදෙව්වරුන් නොවන නමුත්, තුමූ ජුදෙව්වරු යයි බොරුවට කියා ගන්නා වූ සාතන්ගේ හවුලේ අයට පැමිණ ඔබේ පා ඉදිරියෙහි වැඳ වැටෙන්නටත්, මා ඔබට ප්‍රේම කළ බව දැනගන්නටත් සලසන්නෙමි.
ඒ අතරතුරේ දී සාවුල්ගේ දුව මීකල් දාවිත්ට ආදරේ වූවා ය. ඒ බව සාවුල්ට දන්වන ලද්දේ ය. සාවුල් ඒ ගැන ප්‍රීති විය.
දාවිත් ඔහුගේ සෙනඟ සමඟ නික්ම ගොස්, පිලිස්තිවරුන්ගෙන් මිනිසුන් දෙසියයක් මැරී ය. දාවිත් ඔවුන්ගේ චර්මාග්‍ර ගෙන ගොස්, ඔහු රජුගේ බෑණා වීමේ අයිතිය ලබන පිණිස ඒවා රජු ඉදිරියෙහි ගණන් කොට තැබුවේ ය. එවිට සාවුල් තමාගේ දුව මීකල් ඔහුට භාර්යාව කොට පාවා දුන්නේ ය.
ඒ නිසා සාවුල් වඩ වඩාත් දාවිත්ට භය වුණේ ය. සාවුල් ජීවිතාන්තය දක්වා ම දාවිත්ට වෛර කෙළේ ය.
සැබැවින් ම ඔබ රජ වන බවත්, ඉශ්රායෙල්වරුන්ගේ රාජාධිපත්‍යය ඔබ අතේ ස්ථිර ව පවතින බවත් මම දනිමි.
එවිට සාවුල් කතා කොට, “දාවිත්, මාගේ පුත්‍රය, ඔබට ආශීර්වාද වේ වා! ඔබ ඉමහත් දේ කරන්නෙහි ය; ඒකාන්තයෙන් ම ජය ගන්නෙහි ය”යි දාවිත්ට කී ය. ඉන්පසු දාවිත් යන්නට ගියේ ය; සාවුල් ද සිය නිවෙසට හැරී ගියේ ය.