ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 සාමුවෙ 17:7 - Sinhala New Revised Version 2018

ඔහුගේ මහා හෙල්ලයේ මිට, වියන යන්ත්‍රයක දණ්ඩකට සමාන ය; එහි තලය කිලෝග්‍රෑම් හතක් පමණ බර ය. ඔහුගේ පලිහ ගෙන යන්නා ඔහුට පෙරටුවෙන් ගියේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔහුගේ මහා හෙල්ලයේ මිට, වියන යන්ත්‍රයක දණ්ඩකට සමාන ය; එහි තලය කිලෝග්‍රෑම් හතක් පමණ බර ය. ඔහුගේ පලිහ ගෙන යන්නා ඔහුට පෙරටුවෙන් ගියේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඔහුගේ මහ හෙල්ලයේ මිට වියන දණ්ඩට සමානය; ඔහුගේ හෙල්ලයේ තලය යකඩ ෂෙකෙල් හසියයක බරය. ඔහුගේ පලිහ ගෙනයන්නා ඔහුට පෙරටුවෙන් ගියේය.

පරිච්ඡේදය බලන්න



1 සාමුවෙ 17:7
5 හුවමාරු යොමු  

එවිට රෙපායිම් නම් යෝධයන්ගෙන් පැවත ආ කෙනෙකු වන ඉෂ්බි-බෙනො‍බ්, දාවිත් මරන්නට සිතා ගත්තේ ය. ඔහුගේ ලෝකඩ හෙල්ලයේ බර කිලෝග්‍රෑම් තුනහමාරක් ය. ඔහු අලුත් කඩුවක් ද ඉණේ බැඳගෙන සිටියේ ය.


නැවතත් පිලිස්තිවරුන් සමඟ ගෝබ්හි යුද්ධයක් විය; බෙත්ලෙහෙමීය ජාරේ-ඔරෙගීම්ගේ පුත්‍ර වූ එල්හානාන් ගිත්තීය ගොලියත්ගේ සහෝදරයා මැරුවේ ය. ඔහුගේ හෙල්ලයේ මිට වියන යන්ත්‍රයක දණ්ඩක් හා සමාන ය.


ඔහු මීටර් දෙකක් පමණ උස තරබාරු මනුෂ්‍යයෙකු වූ මිසර ජාතිකයෙකුත් මැරී ය. මිසරයාගේ අතේ වියන යන්ත්‍රයක දණ්ඩක් වැනි හෙල්ලයක් තිබුණේ ය. ඔහු පොල්ලක් ඇති ව මිසර ජාතිකයා ළඟට ගොස්, ඔහුගේ අතින් හෙල්ලය උදුරා, ඔහුගේ ම හෙල්ලයෙන් ඔහු මරා දැමුවේ ය.


නැවතත් පිලිස්තිවරුන් සමඟ යුද්ධයක් විය. ජායිර්ගේ පුත් එල්හානාන් ගිත්තීය ජාතික ගොලියත්ගේ සහෝදර වූ ලහමි මැරුවේ ය. ඔහුගේ හෙල්ලයේ මිට වියන යන්ත්‍රයක දණ්ඩකට සමාන විය.


පිලිස්තියයා පිටත් ව අවුත් දාවිත් දෙසට ගමන් කෙළේ ය. පලිහ ගෙන යන්නා ඔහුට පෙරටුව ආවේ ය.