Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 සාමුවෙ 17:7 - Sinhala Revised Old Version

7 ඔහුගේ මහ හෙල්ලයේ මිට වියන දණ්ඩට සමානය; ඔහුගේ හෙල්ලයේ තලය යකඩ ෂෙකෙල් හසියයක බරය. ඔහුගේ පලිහ ගෙනයන්නා ඔහුට පෙරටුවෙන් ගියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 ඔහුගේ මහා හෙල්ලයේ මිට, වියන යන්ත්‍රයක දණ්ඩකට සමාන ය; එහි තලය කිලෝග්‍රෑම් හතක් පමණ බර ය. ඔහුගේ පලිහ ගෙන යන්නා ඔහුට පෙරටුවෙන් ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 ඔහුගේ මහා හෙල්ලයේ මිට, වියන යන්ත්‍රයක දණ්ඩකට සමාන ය; එහි තලය කිලෝග්‍රෑම් හතක් පමණ බර ය. ඔහුගේ පලිහ ගෙන යන්නා ඔහුට පෙරටුවෙන් ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 17:7
5 හුවමාරු යොමු  

එවිට යෝධයාගේ පුත්‍රයන්ගෙන් එක්කෙනෙක්වූ ඉෂ්බි-බෙනොබ් දාවිත් මරන්ට සිතීය. ඔහුගේ හෙල්ලයේ බර පිත්තල ෂෙකෙල් තුන්සියයක්ය, ඔහු අලුත් කඩුවක්ද ඉණේ බැඳගන උන්නේය.


නැවතත් පිලිස්තිවරුන් සමඟ ගෝබ්හි යුද්ධයක් විය; බෙත්-ලෙහෙමිය යාරේ-ඔරෙගීම්ගේ පුත්‍රවූ එල්හානාන් ගිත්තිය ගොලියත්ගේ සහෝදරයා මැරුවේය. ඔහුගේ හෙල්ලයේ මිට වියන දණ්ඩක් හා සමානය.


ඔහු පස් රියනක් උස ඇති ලොකු මනුෂ්‍යයෙක්වූ මිසරයෙකුත් මැරීය; මිසරයාගේ අතේ වියන දණ්ඩක් වැනි හෙල්ලයක් තිබුණේය; ඔහු පොල්ලක් ඇතුව මිසරයා ළඟට ගොස්, ඔහුගේ අතින් හෙල්ලය උදුරා, ඔහුගේම හෙල්ලයෙන් ඔහු මරාදැමුවේය.


නැවතත් පිලිස්තිවරුන් සමඟ යුද්ධයක් විය; යායිර්ගේ පුත්‍රවූ එල්හානාන් ගිත්තිය ගොලියත්ගේ සහෝදරවූ ලඃමී මැරුවේය. ඔහුගේ හෙල්ලයේ මිට වියන දණ්ඩකට සමාන විය.


පිලිස්තියයාද පිටත්ව ඇවිත් දාවිත්ට ළංවේගන ආවේය; පලිහ ගෙනයන මනුෂ්‍යයාත් ඔහුට පෙරටුවෙන් ආවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්