සාවුල් පිළිතුරු දෙමින්, “මේ පිලිස්තියයාට විරුද්ධ ව ගොස් ඔහු සමඟ සටන් කරන්නට ඔබට බැරි ය. මන්ද, ඔබ කොලු ගැටයෙකි. එහෙත්, ඔහු තරුණ වයසේ පටන් හේවායෙකු ව සිටින්නෙකැ”යි දාවිත්ට කී ය.
1 සාමුවෙ 17:56 - Sinhala New Revised Version 2018 රජතුමා ද, “මේ කොලු ගැටයා කාගේ පුත්‍රයා ද කියා සොයා බලන්නැ”යි කීවේ ය. Sinhala New Revised Version රජතුමා ද, “මේ කොලු ගැටයා කාගේ පුත්‍රයා ද කියා සොයා බලන්නැ”යි කීවේ ය. Sinhala Revised Old Version රජ තෙමේද: මේ තරුණයා කාගේ පුත්‍රයාද කියා අසන්නැයි කීවේය. |
සාවුල් පිළිතුරු දෙමින්, “මේ පිලිස්තියයාට විරුද්ධ ව ගොස් ඔහු සමඟ සටන් කරන්නට ඔබට බැරි ය. මන්ද, ඔබ කොලු ගැටයෙකි. එහෙත්, ඔහු තරුණ වයසේ පටන් හේවායෙකු ව සිටින්නෙකැ”යි දාවිත්ට කී ය.
දාවිත් පිලිස්තිවරුන්ට විරුද්ධ ව පිටත් ව යන බව සාවුල් දැක, සේනාවේ අධිපතියා වන අබ්නේර්ට කතා කොට, “අබ්නේර්, මේ කොලු ගැටයා කාගේ පුත්‍රයා දැ”යි ඇසී ය. අබ්නේර් පිළිතුරු දෙමින්, “රජතුමනි, ඔබේ නාමයෙන් දිවුරා කියමි. මම ඒ ගැන කිසිත් නොදනිමි”යි කී ය.
දාවිත් පිලිස්තියයා මරා දමා ආපසු හැරී එන කල අබ්නේර් ඔහු කැඳවාගෙන සාවුල් ඉදිරියට ගියේ ය. පිලිස්තියයාගේ හිස දාවිත්ගේ අතේ තිබිණි.