ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 සාමුවෙ 17:1 - Sinhala New Revised Version 2018

පිලිස්තිවරු ජුදාහි නගරයක් වන සෝකෝ නම් ස්ථානයට යුද්ධය පිණිස රැස් වූ හ. ඔව්හු සෝකෝ නගරයටත්, අශේකා නගරයටත් අතරේ එපෙස්-දම්මීම්හි කඳවුරු බැඳගත්හ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

පිලිස්තිවරු ජුදාහි නගරයක් වන සෝකෝ නම් ස්ථානයට යුද්ධය පිණිස රැස් වූ හ. ඔව්හු සෝකෝ නගරයටත්, අශේකා නගරයටත් අතරේ එපෙස්-දම්මීම්හි කඳවුරු බැඳගත්හ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

පිලිස්තිවරු තමුන්ගේ සේනාවන් යුද්ධයට රැස්කළෝය, ඔව්හු යූදාට අයිතිවූ සොකෝහි එකතුව සොකෝටත් අසේකාටත් අතරේ එඵෙස්-දම්මීම්හි කඳවුරු බැඳගත්තෝය.

පරිච්ඡේදය බලන්න



1 සාමුවෙ 17:1
11 හුවමාරු යොමු  

පිලිස්තිවරුන් යුද්ධයට සැරසී සිටි පැස්-දම්මිම් නම් ස්ථානයෙහි යව රැස්කොට තිබුණු කෙතක ඔහු දාවිත් සමඟ සිටියේ ය. සෙනඟ පිලිස්තිවරුන් ඉදිරියෙන් පලා ගියෝ ය.


බෙත්-ශූර්, ශෝකෝ, අදුල්ලාම්;


පිලිස්තිවරු ද පහත රටේ සහ ජුදාහි දකුණු දිශාවේ නගරවලට වැද, බෙත්-ෂෙමෙෂ් ද අයාලෝන් ද ගෙදේරෝත් ද ශොකෝව සහ එහි ගම් ද තිම්නා සහ එහි ගම් ද ගිම්සෝ සහ එහි ගම් ද අල්ලාගෙන ඒවායේ වාසය කළෝ ය.


ඒ අවස්ථාවේ දී බබිලෝනියේ රජුගේ සේනාව ජෙරුසලම් නගරයට පහර දෙමින් සිටියෝ ය. ජුදාවේ බලකොටු අතරෙන් අල්ලා නොගෙන තිබූ නගරවලින් ඉතිරි වූ ලාකීෂ්ට හා අසේකාට ද ඔව්හු පහර දෙමින් සිටියෝ ය.


ජර්මූත් ද අදුල්ලාම් ද සෝකෝ ද අශේකා ද


ඒ ජාතීහු නම්, පිලිස්තිවරුන්ගේ අධිපතිවරු පස්දෙනාත්, කානානිවරු සියලුදෙනාත්, සීදොන්වරුත්, බාල්-හෙර්මොන් කන්දේ පටන් හමාත්ට ඇතුළු වන තැන දක්වා ලෙබනොන් කඳුකරයේ වාසය කළ හිවීවරුත් වෙති.


පිලිස්තිවරු ඉශ්රායෙල්වරුන් සමඟ යුද්ධ කරන පිණිස රථ තිස්දහසක් ද අසරුවන් හයදහසක් ද මූදු වෙරළේ වැලි මෙන් ගණන් කළ නොහැකි විශාල සෙනඟක් ද ඇතිව රැස් වී අවුත්, බෙතාවෙන්ට නැගෙනහිරෙන් මික්මාෂ්හි කඳවුරු බැඳගත්තෝ ය.


එවිට සාවුල් පිලිස්තිවරුන් ලුහුබැඳ නොගොස් හැරී ආවේ ය. පිලිස්තිවරු ඔවුන්ගේ ප්‍රදේශයට යන්නට ගියෝ ය.


සාවුල්ගේ මුළු ජීවිත කාලයේ දී ම පිලිස්තිවරුන්ට විරුද්ධ ව දරුණු යුද්ධ පැවතුණේ ය. සාවුල් වනාහි යම් බලසම්පන්න මනුෂ්‍යයෙකු හෝ වික්‍රමාන්විත මනුෂ්‍යයෙකු හෝ දුටු විට ඔහු රාජ සේවය සඳහා පත් කරගත්තේ ය.


ඉශ්රායෙල් ජනයා මිශ්පා නගරයට රැස් ව සිටින බව පිලිස්තිවරුන් ඇසූ කල ඔවුන්ගේ අධිපතීහු ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව නැඟී ආහ. ඉශ්රායෙල් ජනයා ඒ අසා පිලිස්තිවරුන්ට බිය වූ හ.