දොරකඩින් ඇතුළු වන ඇගේ අඩි ශබ්දය අහියාට ඇසුණු විට ඔහු කතා කොට, “ජෙරොබෝවම්ගේ බිරිඳ ඇතුළට එන්න. ඔබ අන් තැනැත්තියක මෙන් පෙන්වන්නේ කුමට ද? කණගාටුදායක ආරංචි දැන්වීමට මට තිබේ.
1 සාමුවෙ 15:16 - Sinhala New Revised Version 2018 එවිට සාමුවෙල්, “නවතින්න, මේ රාත්‍රියේ සමිඳාණන් වහන්සේ මට වදාළ කාරණය ඔබට දන්වමි”යි සාවුල්ට කීවේ ය. “කිව මැනවැ”යි සාවුල් කී ය. Sinhala New Revised Version එවිට සාමුවෙල්, “නවතින්න, මේ රාත්‍රියේ සමිඳාණන් වහන්සේ මට වදාළ කාරණය ඔබට දන්වමි”යි සාවුල්ට කීවේ ය. “කිව මැනවැ”යි සාවුල් කී ය. Sinhala Revised Old Version එවිට සාමුවෙල්: නවතින්න, මේ රාත්‍රියේ ස්වාමීන්වහන්සේ මට කී කාරණය නුඹට දන්වමියි සාවුල්ට කීවේය. කිව මැනවැයි ඔහු කීය. |
දොරකඩින් ඇතුළු වන ඇගේ අඩි ශබ්දය අහියාට ඇසුණු විට ඔහු කතා කොට, “ජෙරොබෝවම්ගේ බිරිඳ ඇතුළට එන්න. ඔබ අන් තැනැත්තියක මෙන් පෙන්වන්නේ කුමට ද? කණගාටුදායක ආරංචි දැන්වීමට මට තිබේ.
රජ ද කතා කොට, “සමිඳාණන් වහන්සේගේ නාමයෙන් සැබෑව මිස වෙන කිසිවක් මට නොකියන හැටියට මම කී වරක් ඔබ දිවුරවම් දැ”යි ඔහුගෙන් ඇසී ය.
එබැවින් ඔබටත්, ඔබේ පියවරුන්ටත් සමිඳාණන් වහන්සේ කළ සියලු බලවත් ක්‍රියා ගැන මා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔබට මතක් කර දෙන පිණිස නිශ්චල ව සිටින්න.
සාවුල් පිළිතුරු දෙමින්, “මාගේ සෙනඟ අමලෙක්වරුන්ගෙන් උන් ගෙනාවෝ ය. මන්ද, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට පූජා කරන පිණිස සෙනඟ බැටළුවන්ගෙන් ද ගොනුන්ගෙන් ද ඉතා හොඳ සතුන් ඉතිරි කරගත්තෝ ය. සෙසු සතුන් අපි සහමුලින් ම විනාශ කර දැමුවෙමු”යි කීවේ ය.
එවිට සාමුවෙල් මෙසේ පිළිතුරු දුන්නේ ය: “ඔබ සුළු කෙනෙකැ යි ඔබ ම සිතූ නමුත්, ඔබ ඉශ්රායෙල් ගෝත්‍ර කෙරෙහි නායකයා කරනු ලැබුවා නොවේ ද? සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන් කෙරෙහි රජකමට ඔබ අභිෂේක කළ සේක.
ඔවුන් නුවර සීමාවට පැමිණි විට සාමුවෙල් සාවුල්ට කතා කොට, “අපට පෙරටුව ඔබේ වැඩකාරයාට යන්න කියන්න. මා ඔබට දෙවියන් වහන්සේගේ වචනය දන්වන පිණිස දැන් මෙහි මොහොතක් නවතින්නැ”යි කීවේ ය. වැඩකාරයා පෙරටුවෙන් ගියේ ය.