Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 15:16 - Sinhala Revised Old Version

16 එවිට සාමුවෙල්: නවතින්න, මේ රාත්‍රියේ ස්වාමීන්වහන්සේ මට කී කාරණය නුඹට දන්වමියි සාවුල්ට කීවේය. කිව මැනවැයි ඔහු කීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 එවිට සාමුවෙල්, “නවතින්න, මේ රාත්‍රියේ සමිඳාණන් වහන්සේ මට වදාළ කාරණය ඔබට දන්වමි”යි සාවුල්ට කීවේ ය. “කිව මැනවැ”යි සාවුල් කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 එවිට සාමුවෙල්, “නවතින්න, මේ රාත්‍රියේ සමිඳාණන් වහන්සේ මට වදාළ කාරණය ඔබට දන්වමි”යි සාවුල්ට කීවේ ය. “කිව මැනවැ”යි සාවුල් කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 15:16
8 හුවමාරු යොමු  

රජ: ස්වාමීන්වහන්සේගේ නාමයෙන් සැබෑව මිස වෙන කිසිවක් මට නොකියන හැටියට මම කීවරක් නුඹ දිවුරවම්දැයි ඔහුට කීවේය.


එබැවින් නුඹලාටත් නුඹලාගේ පියවරුන්ටත් ස්වාමීන්වහන්සේ කළාවූ සියලු ධර්මිෂ්ඨ ක්‍රියා ගැන මා විසින් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි නුඹලාට මතක්කර දෙන පිණිස නිශ්චලව සිටින්න.


ඔවුන් බැස යන කල නුවර කෙළවරදී සාමුවෙල් සාවුල්ට කථාකොට: අපට පෙරටුව යන්ට නුඹේ වැඩකාරයාට කියා, මා විසින් නුඹට දෙවියන්වහන්සේගේ වචනය දන්වන පිණිස නුඹ දැන් නවතින්නැයි කීවේය. වැඩකාරයා ඉස්සරව ගියේය.


සාවුල් කථාකොට: සෙනඟ අමලෙක්වරුන්ගෙන් උන් ගෙනාවෝය. මක්නිසාද ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පූජාකරන පිණිස සෙනඟ බැටළුවන්ගෙන්ද ගොනුන්ගෙන්ද ඉතා හොඳවුන් ඉතුරුකරගත්තෝය; අනික් එවුන් සහමුලින් විනාශකර දැමුවෙමුයයි කීවේය.


සාමුවෙල් කථාකොට: නුඹ සුළු කෙනෙකැයි නුඹම සිතූ නුමුත්, නුඹ ඉශ්‍රායෙල් ගෝත්‍රයන් කෙරෙහි අධිපතිකරනු ලැබුවා නොවේද? ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් කෙරෙහි රජකමට නුඹ ආලේප කළසේක;


එවිට යෙසායා හෙසකියාට කථාකොට: සේනාවල ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න:


බබිලෝනියේ රජුගේ සේනාවද යෙරුසලමටත් ඉතුරුව තිබුණු යූදාහි සියලුම නුවරවලටත් ලාකීෂ්ටත් අසේකාටත් විරුද්ධව යුද්ධකරමින් සිටි කල්හි,


දොරකඩින් ඇතුල්වෙන ඇගේ අඩි ශබ්දය අහියාට ඇසුණ විට ඔහු කථාකොට: යෙරොබොවම්ගේ භාර්යාව, ඇතුළට එන්න; නුඹ අන් තැනැත්තියක් මෙන් පෙන්වන්නේ කුමටද? දුක්ඛිත ආරංචි දන්වන්ට නුඹ වෙතට එවනු ලැබීමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්