රජුගේ සේවකයෝ රජුට කතා කොට, “අපේ ස්වාමීන් වන රජ්ජුරුවන් නියම කරන කවර දෙයක් වුව ද කරන්නට ඔබේ සේවකයෝ සැරසී සිටිති”යි කී හ.
1 සාමුවෙ 14:7 - Sinhala New Revised Version 2018 ආයුධ රැගත් තරුණයා පිළිතුරු දෙමින්, “ඔබ අදහස් කරන සියල්ල කරන්න. අපි එහි යමු. ඔබ කැමැති ඕනෑ ම දෙයක් කරන්නට මම කැමැති වෙමි”යි ඔහුට කීවේ ය. Sinhala New Revised Version ආයුධ රැගත් තරුණයා පිළිතුරු දෙමින්, “ඔබ අදහස් කරන සියල්ල කරන්න. අපි එහි යමු. ඔබ කැමැති ඕනෑ ම දෙයක් කරන්නට මම කැමැති වෙමි”යි ඔහුට කීවේ ය. Sinhala Revised Old Version ඔහුගේ ආයුධ ගෙනයන්නාද: නුඹේ සිතේ තිබෙන සියල්ල කරන්න. එහි යමු, නුඹේ සිතේ හැටියටම මම නුඹ සමඟ සිටිමියි ඔහුට කීවේය. |
රජුගේ සේවකයෝ රජුට කතා කොට, “අපේ ස්වාමීන් වන රජ්ජුරුවන් නියම කරන කවර දෙයක් වුව ද කරන්නට ඔබේ සේවකයෝ සැරසී සිටිති”යි කී හ.
එවිට නාතාන් පිළිතුරු දෙමින්, “ඔබ ගොස් ඔබේ සිතේ තිබෙන සියල්ල කරන්න; මන්ද, සමිඳාණන් වහන්සේ ඔබ සමඟ වැඩ සිටින සේකැ”යි රජුට කීවේ ය.
ඒ දවස්වල දී විදේශීහු දසදෙනෙක් ජුදෙව්වෙකු වෙත පැමිණ, ඔහුගේ වස්ත්‍ර කොන අල්ලාගෙන, දෙවියන් වහන්සේ ඔබ සමඟ සිටින බව අපි අසා ඇති බැවින් ඔබ සමඟ යන්න අපි කැමැත්තෙමු යි කියන්නෝ ය.”
අබිමෙලෙක් සිය ආයුධ රැගත් තරුණයා ඉක්මනින් කැඳවා, “ ‘ස්ත්‍රියක් ඔහු මැරුවා ය’යි මිනිසුන් මා ගැන නොකියන පිණිස ඔබේ කඩුව ඇද මා මරන්නැ”යි කී ය. තරුණයා ඔහුට ඇන්නේ ය. ඔහු මළේ ය.
මේ ලකුණු ඔබට පැමිණි කල ප්‍රස්තාවෝචිත ව ක්‍රියා කරන්න. මන්ද, දෙවියන් වහන්සේ ඔබ සමඟ සිටින සේක.
ජොනතන් තමාගේ ආයුධ රැගත් තරුණයාට කතා කොට, “එන්න, අපි අර අචර්මඡේදිත නීචයන්ගේ මුර හමුදාව ළඟට යමු. සමහර විට සමිඳාණන් වහන්සේ අප උදෙසා ක්‍රියා කරනු ඇත. මන්ද, බොහෝ දෙනෙකු කරණකොටගෙන හෝ ස්වල්ප දෙනෙකු කරණකොටගෙන හෝ අප ගළවන්නට සමිඳාණන් වහන්සේට බැරිකමක් නැතැ”යි කීවේ ය.