මාස තුනක් පමණ ගත වූ පසු, “ඔබේ ලේලිය වන තාමාර් වේශ්‍යාකම් කළා ය” කියා ද, “ඇරත් වේශ්‍යාකමින් ඈ පිළිසිඳගෙන සිටින්නී ය” කියා ද ජුදාට දන්වන ලදින්, ඔහු ද, “ඈ පිටත ගෙනවුත් පුළුස්සා දමන්නැ”යි කීවේ ය.
1 සාමුවෙ 14:44 - Sinhala New Revised Version 2018 සාවුල් පිළිතුරු දෙමින්, “ජොනතන් ඔබ නසින්නට ම ඕනෑ ය; නැත්නම් දෙවියන් වහන්සේ ඊට වැඩියෙනුත් මට දඬුවම් කරන සේක්වා”යි කීයේ ය. Sinhala New Revised Version සාවුල් පිළිතුරු දෙමින්, “ජොනතන් ඔබ නසින්නට ම ඕනෑ ය; නැත්නම් දෙවියන් වහන්සේ ඊට වැඩියෙනුත් මට දඬුවම් කරන සේක්වා”යි කීයේ ය. Sinhala Revised Old Version සාවුල්ද: යොනාතාන්, නුඹ නසින්ටම ඕනෑය, නැත්නම් දෙවියන්වහන්සේ එසේත් ඊට වැඩියෙනුත් මට කරනසේක්වයි කීයේය. |
මාස තුනක් පමණ ගත වූ පසු, “ඔබේ ලේලිය වන තාමාර් වේශ්‍යාකම් කළා ය” කියා ද, “ඇරත් වේශ්‍යාකමින් ඈ පිළිසිඳගෙන සිටින්නී ය” කියා ද ජුදාට දන්වන ලදින්, ඔහු ද, “ඈ පිටත ගෙනවුත් පුළුස්සා දමන්නැ”යි කීවේ ය.
ඔහු එහි සිටි සෙනඟ පිටතට ගෙන්වා, කියත්වලින් ද යකඩ ගල් කටුවලින් ද යකඩ පොරෝවලින් ද වැඩ කරන්නටත්, ගඩොල් උදුන්වල වැඩ කරන්නටත් ඔවුන් යෙදෙවුවේ ය. ඔහු අම්මොන්වරුන්ගේ සියලු නගරවලට මෙසේ කෙළේ ය. ඉන්පසු දාවිත් රජ සහ මුළු සෙනඟ ජෙරුසලමට පෙරළා ආහ.
ඒ ඇසූ දාවිත්ගේ කෝපය ඒ මිනිසාට විරුද්ධ ව තදින් ඇවිළී, ඔහු නාතාන්ට කතා කොට, “මේ දේ කළ මිනිසා මැරුම් කෑ යුතු ය කියා ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරා කියමි.
තවද, අමාසාට කතා කොට, ‘ඔබ මාගේ ලේ නෑයෙක් නොවේ ද? අද සිට ජෝවාබ් වෙනුවට මම නුඹ සේනාපතියා වශයෙන් පත් කරමි. එසේ නොකළොත් දෙවියන් වහන්සේ මට දරුණු ලෙස දඬුවම් කරන සේක්වා’යි කියන්නැ”යි කියා යැව්වේ ය.
සමිඳාණන් වහන්සේ දාවිත්ට දිවුළ ලෙස, මම ඔහුට නොකෙළෙම් නම්, දෙවියන් වහන්සේ අබ්නේර්ට ඉතා තදින් දඬුවම් කරන සේක් වා!
ඔහු ඇය දුටු විට, තමාගේ වස්ත්‍ර ඉරාගෙන, “අහෝ මාගේ දියණියෙනි! ඔබ මා ඉමහත් දුකට පත් කෙළෙහි ය. ඔබ මාගේ දුක් වේදනාවට හේතු වූයේ මන් ද? මා එසේ කියන්නේ, මම සමිඳාණන් වහන්සේට මාගේ මුවින් පොරොන්දුවක් වූ බැවිනි. එය වෙනස් කළ නොහැකි ය”යි කී ය.
ඔබ මැරෙන තැන ම මමත් මැරෙන්නෙමි, එතැන ම වළලනු ලබමි. මරණය හැර ඔබෙන් මා වෙන් කළ හැකි වෙන කිසිවක් නැත; තිබුණොත්, සමිඳාණන් වහන්සේ මට ඉතා දරුණු ලෙස දඬුවම් කරන සේක් වා!”
වරදකරු මාගේ පුත් ජොනතන් වුව ද, ඉශ්රායෙල් ගළවන ජීවමාන සමිඳාණන් වහන්සේගේ නමින් මම දිවුරා, ඔහු වුව ද මරණයට පත් කරන්නෙමි”යි කීවේ ය. එහෙත්, මුළු සෙනඟ අතරෙන් කිසිවෙකු ඔහුට උත්තර දුන්නේ නැත.
මා මොහුගේ සියලු පිරිමින්ගෙන් එක් කෙනෙකු වත් ඉතිරි නොවන සේ හෙට එළි වන්නට පෙර මරා නොදැම්මොත් දෙවියන් වහන්සේ මට ඉතා දරුණු ලෙස දඬුවම් කරන සේක් වා.”
එවිට ඒලී, “සමිඳාණන් වහන්සේ ඔබට කී දේ කුමක් ද? ඒක මාගෙන් නොසඟවන්න. උන් වහන්සේ ඔබට වදාළ සියලු දේ කිසිවක් මාගෙන් නොසඟවා ඔබ මට නොකියන්නෙහි නම්, දෙවියන් වහන්සේ ඔබට ඉතා තද ලෙස දඬුවම් කරන සේක් වා”යි කීවේ ය.