ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 සාමුවෙ 14:40 - Sinhala New Revised Version 2018

එවිට ඔහු, “ඔබ සියලු දෙනා එක පැත්තක සිටින්න. මම ද මාගේ පුත් ජොනතන් ද අනික් පැත්තෙන් සිටින්නෙමු”යි සියලු ඉශ්රායෙල්වරුන්ට කීවේ ය. “ඔබට යහපත් යයි පෙනෙන දෙයක් කළ මැනවැ”යි සෙනඟ සාවුල්ට කීවෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එවිට ඔහු, “ඔබ සියලු දෙනා එක පැත්තක සිටින්න. මම ද මාගේ පුත් ජොනතන් ද අනික් පැත්තෙන් සිටින්නෙමු”යි සියලු ඉශ්රායෙල්වරුන්ට කීවේ ය. “ඔබට යහපත් යයි පෙනෙන දෙයක් කළ මැනවැ”යි සෙනඟ සාවුල්ට කීවෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එවිට ඔහු: නුඹලා එක පක්ෂයක සිටින්න, මමද මාගේ පුත්‍රවූ යොනාතාන්ද අනික් පක්ෂයේ සිටිමුයයි සියලු ඉශ්‍රායෙල්වරුන්ට කීවේය. ඔබට යහපත්ව පෙනෙන දෙයක් කළමැනවයි සෙනඟ සාවුල්ට කීවෝය.

පරිච්ඡේදය බලන්න



1 සාමුවෙ 14:40
6 හුවමාරු යොමු  

රජුගේ සේවකයෝ රජුට කතා කොට, “අපේ ස්වාමීන් වන රජ්ජුරුවන් නියම කරන කවර දෙයක් වුව ද කරන්නට ඔබේ සේවකයෝ සැරසී සිටිති”යි කී හ.


ඇගේ පුරුෂයා වන එල්කානා ඈට පිළිතුරු දෙමින්, “ඔබට හොඳ යයි සිතෙන දේ කරන්න; දරුවා කිරි වරන තුරු නැවතී සිටින්න. සමිඳාණන් වහන්සේ තමන්ගේ පොරොන්දුව ඉෂ්ට කරන සේක් වා”යි කීවේ ය. මෙසේ හන්නා නැවතී සිට සිය පුතා කිරි වරන තුරු ඔහුට කිරි දුන්නා ය.


සාවුල් සෙනඟ අමතා, “අපි අද රාත්‍රියේ පිලිස්තිවරුන් ලුහුබැඳ ගොස් ඔවුන්ගෙන් එක් කෙනෙකු වත් ඉතුරු නොකර, පහන් වන තෙක් මුළු රෑ ඔවුන්ගෙන් කොල්ලකාගනිමු”යි කීවේ ය. ඔව්හු ද පිළිතුරු දෙමින්, “ඔබට යහපතැ යි පෙනෙන කොයි දෙයක් වුව ද කළ මැනවැ”යි කීවෝ ය. එවිට පූජකයා, “අපි මෙහි දෙවියන් වහන්සේ වෙත ළං වමු”යි කීවේ ය.


වරදකරු මාගේ පුත් ජොනතන් වුව ද, ඉශ්රායෙල් ගළවන ජීවමාන සමිඳාණන් වහන්සේගේ නමින් මම දිවුරා, ඔහු වුව ද මරණයට පත් කරන්නෙමි”යි කීවේ ය. එහෙත්, මුළු සෙනඟ අතරෙන් කිසිවෙකු ඔහුට උත්තර දුන්නේ නැත.


සාවුල් යාච්ඤා කරමින්, “ඉශ්රායෙල්හි දෙවි සමිඳාණන් වහන්ස, ඔබ වහන්සේගේ මෙහෙකරු වන මට අද ඔබ පිළිතුරු නුදුන්නේ මන් ද? ඉශ්රායෙල්හි දෙවි සමිඳුනි, වරද මා අත හෝ මාගේ පුත් ජොනතන් අත හෝ වේ නම්, උරීම් කැටයේ දාදුව දැමීමෙන් පෙන්වා දෙන්න. වරද ඔබ වහන්සේගේ ඉශ්රායෙල් සෙනඟ අතේ නම්, තුමිම් කැටයේ දාදුව දැමීමෙන් පෙන්වා දෙන්නැ”යි සමිඳාණන් වහන්සේට කීවේ ය. දාදු දැමූ විට සාවුල් සහ ජොනතන් වරදකරුවන් බව පෙනිණි. සෙනඟ වරදින් නිදහස් වුණෝ ය.


ආයුධ රැගත් තරුණයා පිළිතුරු දෙමින්, “ඔබ අදහස් කරන සියල්ල කරන්න. අපි එහි යමු. ඔබ කැමැති ඕනෑ ම දෙයක් කරන්නට මම කැමැති වෙමි”යි ඔහුට කීවේ ය.