Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 14:36 - Sinhala New Revised Version 2018

36 සාවුල් සෙනඟ අමතා, “අපි අද රාත්‍රියේ පිලිස්තිවරුන් ලුහුබැඳ ගොස් ඔවුන්ගෙන් එක් කෙනෙකු වත් ඉතුරු නොකර, පහන් වන තෙක් මුළු රෑ ඔවුන්ගෙන් කොල්ලකාගනිමු”යි කීවේ ය. ඔව්හු ද පිළිතුරු දෙමින්, “ඔබට යහපතැ යි පෙනෙන කොයි දෙයක් වුව ද කළ මැනවැ”යි කීවෝ ය. එවිට පූජකයා, “අපි මෙහි දෙවියන් වහන්සේ වෙත ළං වමු”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

36 සාවුල් සෙනඟ අමතා, “අපි අද රාත්‍රියේ පිලිස්තිවරුන් ලුහුබැඳ ගොස් ඔවුන්ගෙන් එක් කෙනෙකු වත් ඉතුරු නොකර, පහන් වන තෙක් මුළු රෑ ඔවුන්ගෙන් කොල්ලකාගනිමු”යි කීවේ ය. ඔව්හු ද පිළිතුරු දෙමින්, “ඔබට යහපතැ යි පෙනෙන කොයි දෙයක් වුව ද කළ මැනවැ”යි කීවෝ ය. එවිට පූජකයා, “අපි මෙහි දෙවියන් වහන්සේ වෙත ළං වමු”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

36 තවද සාවුල් කථාකොට: අපි අද රාත්‍රියේ පිලිස්තිවරුන් පස්සේ ගොස් ඔවුන්ගෙන් එක්කෙනෙක්වත් ඉතුරුනොකර පහන්වෙන තෙක් ඔවුන්ගෙන් කොල්ලගනිමුයයි කීවේය. ඔව්හුද: ඔබට හොඳව පෙනෙන කොයි දේ වුවත් එය කළ මැනවැයි කීවෝය. එවිට පූජකයා: අපි මෙහි දෙවියන්වහන්සේ වෙතට ළංවමුයයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 14:36
14 හුවමාරු යොමු  

දෙවියන් වහන්සේට ළං වන්න, එවිට දෙවියන් වහන්සේ ඔබට ළං වන සේක. පව්කාරයෙනි, ඔබගේ අත් පවිත්‍ර කරගන්න; දෙසිත් ඇත්තෙනි, ඔබගේ සිත් පිරිසිදු කරගන්න.


දෙවියන් වහන්සේ පිළිබඳ සත්‍ය ඥානය දීම හා ඉගැන්වීම පූජකයන්ගේ යුතුකම් ය. ඔවුන් සියලු බලැති සමිඳාණන් වහන්සේගේ දූතයන් වන බැවින් මාගේ කැමැත්ත පිළිබඳ ව ඉගෙනගැනීම සඳහා සෙනඟ ඔවුන් වෙත යා යුතු ය.


සැරසෙන්න, අද රෑ අපි පහර දී ජෙරුසලම් වාසල් බිඳලමු’යි ඔව්හු කියති.


ඔව්හු දැහැමි ක්‍රියා කරන, දෙවිඳුන්ගේ නියෝග අත්නෑර සිටින ජාතියක් යයි සිතාගෙන, දවස් පතා මා සොයති; මාගේ මාර්ගයන් දැනගන්න ප්‍රසන්න වෙති; සාධාරණ විනිශ්චයයන් මාගෙන් ඉල්ලති; දෙවිඳුන් වෙත ළඟා වීමට ප්‍රසන්න වෙති.”


මාගේ පරමානන්දය දෙවිඳුන් හට සමීප ව සිටීම ය. ඔබේ ක්‍රියා සියල්ල ප්‍රකාශ කරන පිණිස මම මහෝත්තම දෙවි ස්වාමීන් සරණ කොටගතිමි.


ෂිලෝහි සමිඳාණන් වහන්සේගේ පූජකයා ව සිටි ඒලීගේ පුත් පිනෙහාස්ගේ පුත්‍රයා වන ඊකාබොද්ගේ සහෝදර වූ අහිතුබ්ගේ පුත්‍රයා වන අහියා ඒපොද් සැට්ටයක් ඇඳගෙන එහි සිටියේ ය. ජොනතන් ගිය බව සෙනඟ නොදත්හ.


පසු දා සාවුල් සෙනඟ කණ්ඩායම් තුනකට බෙදුවේ ය; ඔව්හු එළි වන යාමයෙහි අම්මොනිවරුන්ගේ කඳවුර මැදට කඩා පැන ඉර මුදුන් වේලාව දක්වා ඔවුන්ට පහර දුන්නෝ ය. දෙදෙනෙකු එක තැනක නොසිටින ලෙස ඉතිරි වූ අය විසුරුවනු ලැබූ හ.


ඒ නගරවල වටිනා වස්තුව ද ගවයන් ද ඉශ්රායෙල් ජනයා කොල්ලකාගෙන තබාගත්තෝ ය. සියලු මිනිසුන් විනාශ වන තුරු ඔව්හු ඔවුන්ට කඩුවෙන් පහර දුන්නෝ ය; කිසිවෙකු පණපිටින් ඉතුරු නොකළෝ ය.


එහෙත්, ඔබ නැවතී නොසිටින්න; ඔබේ සතුරන් ලුහුබැඳ ගොස් පිටුපසින් සිටින්නන්ට පහර දෙන්න; ඔවුන්ගේ නගරවලට ඇතුළු වීමට ඔවුන්ට ඉඩ නොදෙන්න. මන්ද, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔවුන් ඔබ අතට පාවා දී තිබේ ය”යි කීවේ ය.


ඔහු එලෙයාසර් පූජකවරයා ඉදිරියෙහි පෙනී සිටිය යුතු ය. මේ පූජකවරයා මා ඉදිරියෙහි උරීම් කැට භාවිත කිරීමෙන් ඔහු විමසනු ඇත. මෙසේ පූජකවරයා විධාන කිරීමෙන් ඔහුට ද මුළු ඉශ්රායෙල් ජනතාවට ද මඟපෙන්වනු ඇත.”


ඇගේ පුරුෂයා වන එල්කානා ඈට පිළිතුරු දෙමින්, “ඔබට හොඳ යයි සිතෙන දේ කරන්න; දරුවා කිරි වරන තුරු නැවතී සිටින්න. සමිඳාණන් වහන්සේ තමන්ගේ පොරොන්දුව ඉෂ්ට කරන සේක් වා”යි කීවේ ය. මෙසේ හන්නා නැවතී සිට සිය පුතා කිරි වරන තුරු ඔහුට කිරි දුන්නා ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්