1 සාමුවෙ 14:34 - Sinhala New Revised Version 2018 සාවුල් තවදුරටත් කතා කරමින්, “ඔබ සෙනඟ අතරට ගොස්, ලේ සමඟ කෑමෙන් සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් නොකර ඔබ එකිනෙකා තම තමාගේ හරකා ද බැටළුවා ද මා ළඟට ගෙනවුත් මෙහි දී මරා කන්නැ”යි කියන්නට අණ කෙළේ ය. සෙනඟ සියලු දෙනා තම තමාගේ හරකා රාත්‍රියෙහි ගෙනවුත් එහි දී මැරුවෝ ය. Sinhala New Revised Version සාවුල් තවදුරටත් කතා කරමින්, “ඔබ සෙනඟ අතරට ගොස්, ලේ සමඟ කෑමෙන් සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් නොකර ඔබ එකිනෙකා තම තමාගේ හරකා ද බැටළුවා ද මා ළඟට ගෙනවුත් මෙහි දී මරා කන්නැ”යි කියන්නට අණ කෙළේ ය. සෙනඟ සියලු දෙනා තම තමාගේ හරකා රාත්‍රියෙහි ගෙනවුත් එහි දී මැරුවෝ ය. Sinhala Revised Old Version තවද සාවුල්: නුඹලා සෙනඟ අතරට ගොස්-ලේ සමඟ කෑමෙන් ස්වාමීන්වහන්සේට විරුද්ධව පව්නොකර, නුඹලා එකිනෙකා තම තමාගේ හරකාද තම තමාගේ බැටළුවාද මා ළඟට ගෙනැවිත් මෙහි මරා කන්නැයි කියන්ට කීවේය. මුළු සෙනඟ එකිනෙකා තම තමාගේ හරකා රාත්‍රියෙහි ගෙනවුත් එහි මැරුවෝය. |
එවිට, “සෙනඟ ලේ පිටින් ම කෑම කෑමෙන් සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කරති”යි සාවුල්ට දන්වන ලද්දේ ය. ඔහු ද පිළිතුරු දෙමින් “ඔබ ද්‍රෝහි ලෙස ක්‍රියා කළහු ය. මා ළඟට මහ ගලක් පෙරළාගෙන එන්නැ”යි කීවේ ය.
සාවුල් එහි සමිඳාණන් වහන්සේට පූජාසනයක් ගොඩනැඟුවේ ය. එය ඔහු විසින් ගොඩනැඟුණු පළමු වන පූජාසනය ය.