Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 සාමුවෙ 14:34 - Sinhala Revised Old Version

34 තවද සාවුල්: නුඹලා සෙනඟ අතරට ගොස්-ලේ සමඟ කෑමෙන් ස්වාමීන්වහන්සේට විරුද්ධව පව්නොකර, නුඹලා එකිනෙකා තම තමාගේ හරකාද තම තමාගේ බැටළුවාද මා ළඟට ගෙනැවිත් මෙහි මරා කන්නැයි කියන්ට කීවේය. මුළු සෙනඟ එකිනෙකා තම තමාගේ හරකා රාත්‍රියෙහි ගෙනවුත් එහි මැරුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

34 සාවුල් තවදුරටත් කතා කරමින්, “ඔබ සෙනඟ අතරට ගොස්, ලේ සමඟ කෑමෙන් සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් නොකර ඔබ එකිනෙකා තම තමාගේ හරකා ද බැටළුවා ද මා ළඟට ගෙනවුත් මෙහි දී මරා කන්නැ”යි කියන්නට අණ කෙළේ ය. සෙනඟ සියලු දෙනා තම තමාගේ හරකා රාත්‍රියෙහි ගෙනවුත් එහි දී මැරුවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

34 සාවුල් තවදුරටත් කතා කරමින්, “ඔබ සෙනඟ අතරට ගොස්, ලේ සමඟ කෑමෙන් සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් නොකර ඔබ එකිනෙකා තම තමාගේ හරකා ද බැටළුවා ද මා ළඟට ගෙනවුත් මෙහි දී මරා කන්නැ”යි කියන්නට අණ කෙළේ ය. සෙනඟ සියලු දෙනා තම තමාගේ හරකා රාත්‍රියෙහි ගෙනවුත් එහි දී මැරුවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 14:34
3 හුවමාරු යොමු  

නුමුත් මාංසය එහි ප්‍රාණය වන රුධිරය සමඟ නොකෑයුතුය.


එවිට: සෙනඟ ලේ පිටින් කෑමෙන් ස්වාමීන්වහන්සේට විරුද්ධව පව්කරතියි කියා සාවුල්ට දන්වනලද්දේය. ඔහුද: නුඹලා ද්‍රෝහි ලෙස ක්‍රියාකළහුය. අද මා ළඟට මහත් ගලක් පෙරළා ගෙන එන්නැයි කීවේය.


සාවුල් ස්වාමීන්වහන්සේට පූජාසනයක් ගොඩනැගුවේය. එය ඔහු විසින් ස්වාමීන්වහන්සේට ගොඩනැගූ පළමුවෙනි පූජාසනයය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්