එවිට සාවුල් අහියා නම් පූජකයාට කතා කොට, “ඒපොද් සැට්ටය මෙහි ගෙනෙන්නැ”යි කීවේ ය. ඒ අවස්ථාවේ දී ඒපොද් සැට්ටය ඉශ්රායෙල් ජනයාට ඉදිරියෙන් උසුලාගෙන ගියේ ඔහු ය.
සාවුල් අහියාට කථාකොට: දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය මෙහි ගෙනෙන්නැයි කීවේය. මක්නිසාද එකල්හි දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ඉශ්‍රායෙල් පුත්‍රයන් වෙත තිබුණේය.
උරියා දාවිත්ට කතා කොට, “ගිවිසුම් කරඬුව කූඩාරමක ඇත; ඉශ්රායෙල්වරු ද ජුදෙව්වරු ද කූඩාරම්වල සිටිති; මාගේ ස්වාමීන් වන ජෝවාබ් ද මාගේ ස්වාමියාගේ සේවකයෝ ද එළිමහනේ කඳවුරු බැඳගෙන සිටිති. එසේ නම්, කා, බී ප්‍රීති වන්නටත්, මාගේ බිරිඳ සමඟ සයනය කරන්නටත් මා මාගේ ගෙදරට යන්නේ කෙසේ ද? මම සැබෑ ලෙස එවැන්නක් නොකරමි යි ජීවමාන දෙවියන් වහන්සේගේ නාමයෙන් ද ඔබේ නාමයෙන් ද දිවුරා කියමි”යි පැවසී ය.
ඔහු එලෙයාසර් පූජකවරයා ඉදිරියෙහි පෙනී සිටිය යුතු ය. මේ පූජකවරයා මා ඉදිරියෙහි උරීම් කැට භාවිත කිරීමෙන් ඔහු විමසනු ඇත. මෙසේ පූජකවරයා විධාන කිරීමෙන් ඔහුට ද මුළු ඉශ්රායෙල් ජනතාවට ද මඟපෙන්වනු ඇත.”
ඉශ්රායෙල් සෙනඟ පිටත් ව බෙතෙල්ට ගොස්, “බෙන්ජමින් සෙනඟට විරුද්ධ ව යුද්ධ කරන පිණිස අපෙන් පළමුවෙන් යා යුත්තෝ කවුරු දැ”යි දෙවියන් වහන්සේගෙන් විචාළෝ ය. “ජුදාවරුන් පළමු ව යා යුතු ය”යි සමිඳාණන් වහන්සේ වදාළ සේක.
තවද, ඉශ්රායෙල්වරු ගොස්, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සවස් වන තෙක් හඬා, “අපේ සහෝදරයන් වන බෙන්ජමින්වරුන්ට විරුද්ධ ව අප නැවත සටනට යා යුතු දැ”යි සමිඳාණන් වහන්සේගෙන් ඇසූ හ. “ඔවුන්ට විරුද්ධ ව යන්නැ”යි සමිඳාණන් වහන්සේ වදාළ සේක.
එවිට සාවුල් තමා ළඟ සිටි සෙනඟට කතා කොට, “අප කෙරෙන් කොපමණ දෙනෙක් ගියෝ දැ යි ගණන් කර බලන්නැ”යි කීවේ ය. ඔව්හු ගණන් කර බැලූ විට ජොනතන් ද ඔහුගේ ආයුධ රැගත් තරුණයා ද එහි නොසිටි බව දැනගත්තෝ ය.
සාවුල් සෙනඟ අමතා, “අපි අද රාත්‍රියේ පිලිස්තිවරුන් ලුහුබැඳ ගොස් ඔවුන්ගෙන් එක් කෙනෙකු වත් ඉතුරු නොකර, පහන් වන තෙක් මුළු රෑ ඔවුන්ගෙන් කොල්ලකාගනිමු”යි කීවේ ය. ඔව්හු ද පිළිතුරු දෙමින්, “ඔබට යහපතැ යි පෙනෙන කොයි දෙයක් වුව ද කළ මැනවැ”යි කීවෝ ය. එවිට පූජකයා, “අපි මෙහි දෙවියන් වහන්සේ වෙත ළං වමු”යි කීවේ ය.
තමාට අනතුරු කරන්නට සාවුල් උපා යොදන බව දාවිත් දැන ගත් විට, “ඒපොද් සැට්ටය මෙහි ගෙනෙන්නැ”යි ඔහු පූජක අබියාතර්ට කීවේ ය.
ඔව්හු දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව, රැගෙන දාගොන් දෙවියාගේ දේවාලයට ගෙන ගොස් දාගොන් ළඟ තැබූ හ.
කිරියත්-ජෙයාරීම් වැසියෝ අවුත්, සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව රැගෙන, කන්ද පිට පිහිටි අබිනාදාබ්ගේ ගෙට ගෙන ගොස්, සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව රක්ෂා කරන පිණිස එලෙයාසර් භාරකරු ලෙස පත් කළහ.