ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 සාමුවෙ 14:10 - Sinhala New Revised Version 2018

ඔවුන් ළඟට එන්නැ යි අපට කීවොත්, අපි ඔවුන් වෙත නැඟී යමු. සමිඳාණන් වහන්සේ ඔවුන් අප අතට පාවා දී තිබෙන බවට එය ලකුණකි.”

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔවුන් ළඟට එන්නැ යි අපට කීවොත්, අපි ඔවුන් වෙත නැඟී යමු. සමිඳාණන් වහන්සේ ඔවුන් අප අතට පාවා දී තිබෙන බවට එය ලකුණකි.”

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එහෙත් ඔවුන්–අප ළඟට නැගී එන්නැයි කීවොත්, අපි නැගී යමුව. මක්නිසාද ස්වාමීන්වහන්සේ ඔවුන් අප අතට පාවා දී තිබේ. ඒක අපට ලකුණ වන්නේයයි කීය.

පරිච්ඡේදය බලන්න



1 සාමුවෙ 14:10
8 හුවමාරු යොමු  

මම යම් තරුණියක අමතා, ‘කරුණාකර, මට වතුර ටිකක් බීමට ඔබේ කළය ඇල කරන්නැ’යි කියම් ද, එවිට ඒ තරුණිය, ‘බොන්න, මම ඔබේ ඔටුවන්ටත් වතුර දෙමි’යි කියන්නී ද, අන්න ඒ තරුණිය ඔබගේ දාසයා වන ඊසාක්ගේ බිරිඳ වීමට ඔබ නියම කළ තැනැත්තිය වේ වා! මෙලෙස ඔබ මාගේ ස්වාමියාට කරුණාව දැක්වූ බව මම දැනගන්නෙමි”යි කී ය.


යෙසායා කතා කොට, “සමිඳාණන් වහන්සේ වදාළ දේ කරන බවට සමිඳාණන් වහන්සේගෙන් ඔබට ලැබෙන ලකුණ මේ ය: එනම්, පඩි පෙළේ ඡායාව අංශක දසයක් ඉස්සරහට යනවාට හෝ පස්සට හැරී එනවාට හෝ කැමැති දැ”යි ඇසී ය.


දෙවියන් වහන්සේ උත්තර දෙමින්, “මම නුඹ සමඟ සිටිමි. මා නුඹ එවූ බව දැනගැනීමට නුඹට දෙන ලකුණ මෙය වේ: එනම්, නුඹ සෙනඟ මිසරයෙන් පිටතට ගෙනා විට, මේ කන්ද මත නුඹලා දෙවියන් වහන්සේ වන මා හට වැඳුම්පිදුම් කරන්නහු ය”යි වදාළ සේක.


ගිඩියොන් දෙවියන් වහන්සේට කතා කොට, “ඔබ වහන්සේ වදාළ ලෙස මා ලවා ඉශ්රායෙල් ජාතිය ගළවන සේක් නම්,


එවිට ඔවුන් කියන දේ නුඹට ඇසෙන විට කඳවුරට පහර දෙන්නට නුඹ ධෛර්යවත් වන්නෙහි ය”යි වදාළ සේක. එවිට ගිඩියොන් තම මෙහෙකරු පූරා සමඟ කඳවුරේ මුර පොළේ අවි ගත් මිනිසුන් වෙත බැස ගියේ ය.


මේ ලකුණු ඔබට පැමිණි කල ප්‍රස්තාවෝචිත ව ක්‍රියා කරන්න. මන්ද, දෙවියන් වහන්සේ ඔබ සමඟ සිටින සේක.


ඔවුන් අප ළඟට එන තෙක් අපට නතර වී සිටින්නට යයි කීවොත්, ඔවුන් අප ළඟට එන තෙක් අපි මේ ස්ථානයෙහි ම නැවතී සිටිමු.