Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 3:12 - Sinhala New Revised Version 2018

12 දෙවියන් වහන්සේ උත්තර දෙමින්, “මම නුඹ සමඟ සිටිමි. මා නුඹ එවූ බව දැනගැනීමට නුඹට දෙන ලකුණ මෙය වේ: එනම්, නුඹ සෙනඟ මිසරයෙන් පිටතට ගෙනා විට, මේ කන්ද මත නුඹලා දෙවියන් වහන්සේ වන මා හට වැඳුම්පිදුම් කරන්නහු ය”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 දෙවියන් වහන්සේ උත්තර දෙමින්, “මම නුඹ සමඟ සිටිමි. මා නුඹ එවූ බව දැනගැනීමට නුඹට දෙන ලකුණ මෙය වේ: එනම්, නුඹ සෙනඟ මිසරයෙන් පිටතට ගෙනා විට, මේ කන්ද මත නුඹලා දෙවියන් වහන්සේ වන මා හට වැඳුම්පිදුම් කරන්නහු ය”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

12 උන්වහන්සේද: මම සැබවින් නුඹ සමඟ සිටින්නෙමි; මා විසින් නුඹ යැවූ බවට මේක නුඹට ලකුණක් වන්නේය; එනම් නුඹ සෙනඟ මිසරයෙන් පිටතට ගෙනා කල්හි නුඹලා මේ කන්දේදී දෙවියන්වහන්සේට නමස්කාර කරන්නහුයයි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 3:12
43 හුවමාරු යොමු  

දිවි ඇති තාක් නුඹලාට විරුද්ධ ව කිසිවෙකුට නැඟී සිටින්නට නොහැකි වන්නේ ය. මම මෝසෙස් සමඟ සිටියාක් මෙන් නුඹ සමඟත් සිටින්නෙමි. මම නුඹ කෙරෙන් අහක් ව යන්නේ වත්, නුඹ අත්හරින්නේ වත් නැත.


කරුණු මෙසේ නම් කුමක් නිගමනය කරමු ද? දෙවියන් වහන්සේ අපේ පක්ෂයට නම් අපට විපක්ෂ වන්නේ කවරෙක් ද?


බිය නොවන්න; මම නුඹ සමඟ ය. මා නුඹේ දෙවිඳාණන් වන බැවින් තැති නොගෙන සිටින්න. මම නුඹ ශක්තිමත් කර නුඹට උපකාර කරන්නෙමි. මාගේ ජය හස්තයෙන් නුඹ ආරක්ෂා කර නුඹ ගළවන්නෙමි.


සමිඳාණන් වහන්සේ නූන්ගේ පුත් ජෝෂුවාට කතා කරමින්, “ශක්තිමත් ව, ධෛර්ය සම්පන්න වන්න. මා ඔවුන්ට දිවුළ දේශයට ඔබ ඉශ්රායෙල් ජනතාව ගෙන යන්නෙහි ය. මම ඔබ සමඟ සිටිමි”යි වදාළ සේක.


තවද, සමිඳාණන් වහන්සේ ඔහුට කතා කොට, “ඔබේ පියවරුන්ගේ දේශයට, ඔබේ නෑයන් වෙතට ආපසු යන්න. මම ද ඔබ සමඟ සිටිමි”යි වදාළ සේක.


නුඹ ඔහුට කතා කොට ඔහු කුමක් කිව යුතු දැ යි කියා දෙන්න. මම නුඹට හා ඔහුට ද කතා කිරීමට උදව් වන්නෙමි. තවද, නුඹ කුමක් කළ යුතු දැ යි උගන්වන්නෙමි.


එබැවින් දැන් ඉතින් යන්න, නුඹට කතා කිරීමට මම උදව් වෙමි, නුඹ කිව යුතු දේ මම නුඹට කියා දෙමි”යි වදාළ සේක.


මා ඔබට අණ කළ සියල්ල රක්ෂා කරන්න ඔවුන්ට උගන්වන්න. මම ද යුගාන්තය දක්වා සදහට ම ඔබ හා සමඟ සිටිමි”යි වදාළ සේක.


නුඹලා ගැඹුරු ජලය මැදින් යන විට මම නුඹලා සමඟ සිටින්නෙමි. නුඹලා ගංගා මැදින් එතෙර වන විට ජලය නුඹලා යට නොකරන්නේ ය. නුඹලා ගිනි මැදින් යන විට දැවී යන්නේ නැත.


සමිඳාණන් වහන්සේගේ බලය ඔවුන් මත පහළ විය. එකල විශාල සංබ්‍යාවක් අදහාගෙන සමිඳාණන් වහන්සේ වෙතට හැරුණාහ.


ඔව්හු නික්ම ගොස් සෑම තැන ම දේශනා කළහ. සමිඳාණන් වහන්සේ ද ඔවුන් සමඟ ක්‍රියා කරමින්, ඔවුන් අතර සිදු කළ හාස්කම් මඟින් ඒ දේශනය සහතික කර වදාළ සේක. ඔව්හු මෙකී අවවාදානුශාසනා පේදුරුට ද ඔහුගේ සහචරයන්ට ද සැකෙවින් පැවසූ හ. ඉක්බිති ජේසුස් වහන්සේ ම සදාතන ගැළවීම පිළිබඳ සුවිශුද්ධ, අජරාමර පණිවුඩය ඔවුන් ලවා පෙරදිග සිට අපරදිග දක්වා යවා වදාළ සේක. ආමෙන්‍.


ලත් පමණින් සතුටු වන්න, වස්තු තණ්හාවෙන් තොර ව ඉන්න. මන්ද, “මම කිසි සේත් නුඹෙන් අහක් ව නොයමි; කිසි අයුරකින් නුඹ අත් නොහරිමි”යි දෙවියන් වහන්සේ ම වදාරා තිබේ.


සමිඳාණන් වහන්සේ ම නුඹලාට ලකුණක් දෙන සේක. බලන්න, කන්‍යාවක් පිළිසිඳගෙන පුත්‍රයෙකු බිහි කරන්නී ය; එම්මානුවෙල් යන නම ඔහුට තබන්නී ය.


ඔබ මට ආධාරය සහ සැනසීම දුන් බව මාගේ සතුරන් දැන ලජ්ජා වන පිණිස, ඔබේ දයා කරුණාවට සාක්ෂියක් දුන මැනව.


එවිට යෙසායා හෙසකියා රජුට මෙසේ කී ය: “සිදු වන්න යන දේ පිළිබඳ ව මෙන්න ඔබට ලකුණක්: මේ අවුරුද්දේ ඉබේ හටගත් දෙයින් ඔබ කන්නෙහි ය; දෙ වන අවුරුද්දේ ඔබට කන්න ලැබෙන්නේ එයින් ඇති වන දෙයයි. තුන් වන අවුරුද්දේ දී ඔබට ධාන්‍ය වපුරා අස්වැන්න කපාගන්නත්, මිදි වතු වවා මිදි පල කන්නත් හැකි වන්නේ ය.


එවිට ඔවුන් කියන දේ නුඹට ඇසෙන විට කඳවුරට පහර දෙන්නට නුඹ ධෛර්යවත් වන්නෙහි ය”යි වදාළ සේක. එවිට ගිඩියොන් තම මෙහෙකරු පූරා සමඟ කඳවුරේ මුර පොළේ අවි ගත් මිනිසුන් වෙත බැස ගියේ ය.


එවිට සමිඳාණන් වහන්සේගේ දූතයා තමාගේ අතේ තිබූ සැරයටියේ අග දිගු කොට මස්වලටත්, මුහුන් නොදැමූ පූපවලටත් තට්ටු කෙළේ ය. එවිට පර්වතයෙන් ගිනි මතු වී මස් ද මුහුන් නොදැමූ පූප ද දවා දැමී ය: සමිඳාණන් වහන්සේගේ දූතයා ඔහු ඉදිරියෙන් නොපෙනී ගියේ ය.


ඔහු උන් වහන්සේට පිළිතුරු දෙමින්, “ඔබ වහන්සේ ඉදිරියෙහි මට ප්‍රසාදය ලැබී තිබේ නම්, ඔබ මා සමඟ කතා කරන බවට ලකුණක් මට පෙන්වුව මැනව.


කලකට පසු සමිඳාණන් වහන්සේ ආබ්‍රම්ට දර්ශනය වී, පණිවුඩයක් දෙමින්, “ආබ්‍රම්, බිය නොවන්න; නුඹ රක්නා පලිහ මම ය; නුඹේ වාසනාව අතිවිසල් ය”යි වදාළ සේක.


එහෙත්, ආබ්‍රම්; “මහෝත්තම දෙවි ස්වාමීනි, මට එය උරුම වන්නට යන බව මා දැනගන්නේ කෙසේ දැ”යි ඇසී ය.


ඔව්හු යම් ජාතියකට වහල් වෙත් ද, මම ඒ ජාතිය විනිශ්චයට පමුණුවමි; ඉන්පසු ඔව්හු පිටත් ව අවුත් මේ ස්ථානයෙහි මට නමස්කාර කරති.’


මෝසෙස් තම මාමණ්ඩිය වූ මිදියන්හි පූජක තැන වන ජෙත්රෝගේ එළු බැටළු පට්ටි රැකබලාගනිමින් සිටියේ ය. ඔහු ඒ පට්ටි පාළුකරය හරහා දක්කාගෙන ගොස්, හොරෙබ් නම්, දෙවියන් වහන්සේගේ කන්දට පැමිණි කල,


එවිට මෝසෙස් දෙවියන් වහන්සේට කතා කොට, “එසේ නම් මා, ඉශ්රායෙල් සෙනඟ වෙත ගොස්, ‘නුඹලාගේ පියවරුන්ගේ දෙවියන් වහන්සේ මා නුඹලා වෙත එවූ සේකැ’යි කී විට, ඔවුන් ද, ‘උන් වහන්සේගේ නම කුමක් දැ’යි මාගෙන් අසන කල මම ඔවුන්ට කුමක් කියම් දැ”යි ඇසී ය.


මෝසෙස්ගේ මාමණ්ඩි වන ජෙත්රෝ මෝසෙස්ගේ බිරිඳ සහ පුතුන් ද රැගෙන, දෙවියන් වහන්සේගේ කන්ද ළඟ පාළුකරයේ කඳවුරු බැඳ සිටි මෝසෙස් වෙත පැමිණියේ ය.


උන් වහන්සේ කතා කොට, “මම නුඹ සමඟ ගොස්, නුඹට යෙහෙන් විසීමට ඉඩ දෙන්නෙමි”යි වදාළ සේක.


මෝසෙස් කතා කොට, “මේ කාරණා ඉටු කිරීමට සමිඳාණන් වහන්සේ මා එවූ බව නුඹලා මෙයින් දැනගන්නහු ය. මේවා කරන්නේ මාගේ ම බලයකින් නොවේ.


ජාකොබ් පෙළපතෙහි නපුරක් එතුමන්ට නොපෙනේ. ඉශ්රායෙල් පරපුරෙහි දූෂ්‍යකමක් එතුමාණෝ නුදුටු සේක. දෙවි සමිඳාණෝ ඔවුන් සමඟ ය. එතුමාණන් සිය රජු බව ඔව්හු පවසති.


සමිඳාණන් වහන්සේ ද, “සැබැවින් මම නුඹ සමඟ සිටින්නෙමි. නුඹ එක් කෙනෙකුට පහර දෙන්නාක් මෙන් මිදියන්වරුන්ට පහර දෙන්නෙහි යැ”යි ඔහුට වදාළ සේක.


“මෙය නුඹට ලකුණක් වන්නේ ය. එනම්, මේ අවුරුද්දේ ඉබේ ම හටගන්න ධාන්‍ය සහ දෙ වන අවුරුද්දේ එයින් හටගන්න ඒවාත් නුඹලා කනු ඇත. තුන් වන අවුරුද්දේ නුඹලා අස්වැන්න වපුරා කපාගන්න. මිදි වතුත් වවා ඒවායේ පල කන්න.


ඔවුන්ට බිය නොවන්න. මන්ද, නුඹ ගළවන්නට මම නුඹ සමඟ සිටිමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”


මඳ කලක් මෙරට වසන්න. මම ඔබ සමඟ සිටිමි, ඔබට ආසිරි දෙමි; ඔබට ද ඔබ පරපුරට ද මේ මුළු දේශය මම දෙමි. මෙලෙස ඔබ පිය ආබ්‍රහම් හට මා දිවුළ දිවුරුම ඉටු කරමි.


අපේ දෙවි සමිඳාණන් වහන්සේ අපට අණ කළ පරිදි අපි, තුන් දවසක දුර පාළුකරයට ගොස්, උන් වහන්සේට පුද පූජා ඔප්පු කරන්නෙමු”යි කී ය.


සමිඳාණන් වහන්සේගේ දූතයා ඔහුට පෙනී, “ධෛර්යවත්, බලවත් මනුෂ්‍යය, සමිඳාණන් වහන්සේ ඔබ සමඟ සිටින සේකැ”යි කී ය.


ඔවුන් ළඟට එන්නැ යි අපට කීවොත්, අපි ඔවුන් වෙත නැඟී යමු. සමිඳාණන් වහන්සේ ඔවුන් අප අතට පාවා දී තිබෙන බවට එය ලකුණකි.”


එලෙයාසර්ගේ පුත් පිනෙහාස් පළමු ව ඔවුන් කෙරෙහි අධිපතියා ව සිටියේ ය. සමිඳාණන් වහන්සේ ඔහු සමඟ සිටි සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්