අබ්නේර් බෙන්ජමින්වරුන් සමඟ කතා කෙළේ ය. ඉන්පසු අබ්නේර් ඉශ්රායෙල්වරුන් ද මුළු බෙන්ජමින් වංශය ද කළ යුතු යයි සම්මත කරගත් සියල්ල හෙබ්‍රොන්හි සිටි දාවිත්ට කියන පිණිස ගියේ ය.
1 සාමුවෙ 10:21 - Sinhala New Revised Version 2018 ඉන්පසු සාමුවෙල් බෙන්ජමින්ගේ ගෝත්‍රයේ අය පවුල් වශයෙන් ඉදිරිපත් කෙළේ ය. ඒවායින් මට්රීගේ පවුල තෝරාගන්නා ලද්දේ ය. ඒ පවුලෙන් කිෂ්ගේ පුත් සාවුල් තෝරාගන්න ලද්දේ ය. එහෙත්, ඔවුන් සාවුල් කොහේ දැ යි සෙවූ නමුත්, ඔහු සොයාගත නොහැකි විය. Sinhala New Revised Version ඉන්පසු සාමුවෙල් බෙන්ජමින්ගේ ගෝත්‍රයේ අය පවුල් වශයෙන් ඉදිරිපත් කෙළේ ය. ඒවායින් මට්රීගේ පවුල තෝරාගන්නා ලද්දේ ය. ඒ පවුලෙන් කිෂ්ගේ පුත් සාවුල් තෝරාගන්න ලද්දේ ය. එහෙත්, ඔවුන් සාවුල් කොහේ දැ යි සෙවූ නමුත්, ඔහු සොයාගත නොහැකි විය. Sinhala Revised Old Version බෙන්යමින් ගෝත්‍රය පවුල් වශයෙන් ළංකෙරෙවු විට මට්රීගේ පවුල ගන්නා ලද්දේය. කීෂ්ගේ පුත්‍රවූ සාවුල්ද ගන්නාලද්දේය; නුමුත් ඔවුන් ඔහු සෙවූ විට ඔහු සම්බවුණේ නැත. |
අබ්නේර් බෙන්ජමින්වරුන් සමඟ කතා කෙළේ ය. ඉන්පසු අබ්නේර් ඉශ්රායෙල්වරුන් ද මුළු බෙන්ජමින් වංශය ද කළ යුතු යයි සම්මත කරගත් සියල්ල හෙබ්‍රොන්හි සිටි දාවිත්ට කියන පිණිස ගියේ ය.
පස ඇට දැමීමෙන් උසාවියේ නඩුවක් විසඳිය හැකි ය, බලවත් දෙගොල්ලක් අතර සාමය ඇති කළ හැකි ය.
එකල නාවික පිරිස තම තමන් අතරේ කතා කරගනිමින්, “මේ විපත්තිය අපට පැමිණියේ කවරෙකු නිසා දැ යි දැනගන්න පිණිස පස ඇට දමමු”යි කී හ. ඒ අනුව ඔව්හු පස ඇට දැමූ හ. පස ඇටය ජෝනාට වැටිණි.
“ඉන්පසු ඔව්හු රජෙකු ඉල්ලා සිටියහ. දෙවියන් වහන්සේ බෙන්ජමින්ගේ ගෝත්‍රයේ මනුෂ්‍යයෙකු වූ කිෂ්ගේ පුත්‍ර වූ සාවුල්, හතළිස් අවුරුද්දකට ඔවුන්ට දුන් සේක.
මෙසේ සාමුවෙල් මුළු ඉශ්රායෙල් ජනතාව එක එක ගෝත්‍රය වශයෙන් ඉදිරිපත් කෙළේ ය. සමිඳාණන් වහන්සේ බෙන්ජමින්ගේ ගෝත්‍රය තෝරාගත් සේක.
එබැවින් ඔව්හු, “ඒ මිනිසා මෙහි ඇවිත් සිටී දැ”යි යළිත් සමිඳාණන් වහන්සේගෙන් ඇසුවෝ ය. සමිඳාණන් වහන්සේ පිළිතුරු දෙමින්, “ඔහු භාණ්ඩ අතරේ සැඟවී සිටී”යි වදාළ සේක.
ඔහුට සාවුල් නම් කඩවසම් පෙනුමක් ඇති තරුණ පුත්‍රයෙක් සිටියේ ය. ඔහුට වඩා පෙනුමක් ඇති කෙනෙක් ඉශ්රායෙල්වරුන් අතර සිටියේ නැත. ඔහු අන් හැමට වඩා උස කෙනෙක් විය.