1 ලේකම් 9:25 - Sinhala New Revised Version 2018 ඔවුන්ගේ ගම්වල සිටි ඔවුන්ගේ සහෝදරයෝ ද සත් දවසකට වරක් ඔවුන් සමඟ මාරුවෙන් මාරුවට ආවෝ ය. Sinhala New Revised Version ඔවුන්ගේ ගම්වල සිටි ඔවුන්ගේ සහෝදරයෝ ද සත් දවසකට වරක් ඔවුන් සමඟ මාරුවෙන් මාරුවට ආවෝ ය. Sinhala Revised Old Version ඔවුන්ගේ ගම්වල සිටි ඔවුන්ගේ සහෝදරයෝද සත්දවසකට වරක් ඔවුන් සමඟ මාරුවෙන් මාරුවට ආවෝය. |
ඔබෙන් කොටස් දෙකක් වන සබත් දවසේ දී පිටත යන සියල්ලන් ම රජු ළඟ සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි මුරකරන්න.
ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔවුන්ගේ පිය වූ ආරොන්ට අණ කළ ප්‍රකාරයට ඔහු ලවා කරවූ නියෝගය ලෙස ඔවුන්ගේ යුතුකම් අනුව සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ඇතුල් වීමේ පිළිවෙළ මේ ය.
මන්ද, ඒ ලෙවීවරුන් වන ප්‍රධාන දොරටු පාලකයන් සතරදෙනා නියම නිලයෙහි සිට දෙවියන් වහන්සේගේ මාලිගාවෙහි ඇතුළු ගෙවල් ද ගබඩාවල් ද බලාගත්හ.
ඔබ හැම කරන්නට ඕනෑ දේ මේ ය. සබත් දවසේ දී දේව මාලිගාවට ඇතුල් වන පූජකයන් ද ලෙවීවරුන් ද වන ඔබෙන් තුනෙන් කොටසක් දොරටු පාලකයන් විය යුතු ය.
ලෙවීවරු ද සියලු ජුදාවරු ද ජෙහෝයාදා පූජකයා විසින් අණ කරනු ලැබූ සියල්ල ලෙස කොට, එකිනෙකා තම තමාගේ මිනිසුන් වන, සබත් දවසේ දී ඇතුළු වන තැනැත්තන් පිටත යන තැනැත්තන් සමඟ කැඳවාගත්තෝ ය. මන්ද, ජෙහෝයාදා පූජකයා මුරකාවල් නිදහස් කර නොහැරියේ ය.