ආරොන්ගේ පුත්‍රයන්ගේ කාණ්ඩ මේ ය. ආරොන්ගේ පුත්‍රයෝ නම්: නාදාබ්, අබිහු, එලෙයාසර් සහ ඊතාමාර් ය.
1 ලේකම් 6:50 - Sinhala New Revised Version 2018 ආරොන්ගේ පුත්‍රයෝ මොවුහු ය: ඔහුගේ පුත්‍රයා එලෙයාසර් ය; ඔහුගේ පුත්‍රයා පිනෙහාස් ය; ඔහුගේ පුත්‍රයා අබිෂුවා ය; Sinhala New Revised Version ආරොන්ගේ පුත්‍රයෝ මොවුහු ය: ඔහුගේ පුත්‍රයා එලෙයාසර් ය; ඔහුගේ පුත්‍රයා පිනෙහාස් ය; ඔහුගේ පුත්‍රයා අබිෂුවා ය; Sinhala Revised Old Version ආරොන්ගේ පුත්‍රයෝ මොව්හුය; ඔහුගේ පුත්‍රයා එලෙයාසර්ය, ඔහුගේ පුත්‍රයා පීනෙහාස්ය, ඔහුගේ පුත්‍රයා අබිෂුවාය; ඔහුගේ පුත්‍රයා බුක්කීය, |
ආරොන්ගේ පුත්‍රයන්ගේ කාණ්ඩ මේ ය. ආරොන්ගේ පුත්‍රයෝ නම්: නාදාබ්, අබිහු, එලෙයාසර් සහ ඊතාමාර් ය.
එලෙයාසර්ගේ පුත් පිනෙහාස් පළමු ව ඔවුන් කෙරෙහි අධිපතියා ව සිටියේ ය. සමිඳාණන් වහන්සේ ඔහු සමඟ සිටි සේක.
සතර වන දා ඒ රිදී ද රන් ද භාජන ද පූජක උරියාගේ පුත් මෙරේමොත් අතට අපේ දෙවියන් වහන්සේගේ මාලිගාව තුළ දී කිරා දෙන ලද්දේ ය.
“මට පූජක නිලයෙහි සේවය කරන පිණිස ඉශ්රායෙල් ජනයා අතරින් නුඹේ සහෝදරයා වන ආරොන් ද ඔහු සමඟ ඔහුගේ පුත්‍රයන් වන නාදාබ් සහ අබිහු ද එලෙයාසර් සහ ඊතාමාර් ද කැඳවන්න.
ආරොන් අම්මිනාදබ්ගේ දුව වූ නාෂොන්ගේ සහෝදරී වූ එලිෂෙබා බිරිඳ කොට සරණ පාවාගත්තේ ය. ඈ ඔහුට දාව නාදාබ්, අබිහු, එලෙයාසර් සහ ඊතාමාර් ලැබුවා ය.
මෝසෙස් පාප පූජාව සඳහා පිදූ එළුවා ගැන විමසූ විට, පුදුමයකි! ඌ දවා තිබිණි. එවිට ඔහු ආරොන්ගේ පුත්‍රයන් අතර ජීවත් ව සිට එලෙයාසර් සහ ඊතාමාර් සමඟ කිපී:
සමිඳාණන් වහන්සේ වදාළ පරිදි මෝසෙස් ඉටු කෙළේ ය. ඔහු ජෝෂුවා කැඳවා පූජක එලෙයාසර් සහ මුළු ජනතාව ඉදිරියෙහි සිටුවා,
පූජක ආරොන්ගේ පුත් එලෙයාසර්, ලෙවීවරුන්ගේ ප්‍රධානියා වේ. ශුද්ධස්ථානයේ සේවාවන් ඉටු කරන්නන් පිළිබඳ වගකීම ඔහු සතු ය.
සීනයි පාළුකරයේ දී නාදාබ් සහ අබීහු සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි අනියම් ගිනි ඔප්පු කළ විට ඔව්හු මළහ. ඔවුන්ට දරුවෝ ද නො වූ හ. එබැවින් එලෙයාසර් සහ ඊතාමාර්, තම පියා වන ආරොන්ගේ ජීවිත කාලයේ දී පූජක නිලයේ සේවා ඉටු කළහ.