Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 6:50 - Sinhala Revised Old Version

50 ආරොන්ගේ පුත්‍රයෝ මොව්හුය; ඔහුගේ පුත්‍රයා එලෙයාසර්ය, ඔහුගේ පුත්‍රයා පීනෙහාස්ය, ඔහුගේ පුත්‍රයා අබිෂුවාය; ඔහුගේ පුත්‍රයා බුක්කීය,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

50 ආරොන්ගේ පුත්‍රයෝ මොවුහු ය: ඔහුගේ පුත්‍රයා එලෙයාසර් ය; ඔහුගේ පුත්‍රයා පිනෙහාස් ය; ඔහුගේ පුත්‍රයා අබිෂුවා ය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

50 ආරොන්ගේ පුත්‍රයෝ මොවුහු ය: ඔහුගේ පුත්‍රයා එලෙයාසර් ය; ඔහුගේ පුත්‍රයා පිනෙහාස් ය; ඔහුගේ පුත්‍රයා අබිෂුවා ය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 6:50
13 හුවමාරු යොමු  

සතරවෙනිදා ඒ රිදීද රන්ද බඩුද සියල්ලම ගණන හා බර ප්‍රකාරයට, පූජකයාවූ උරියාගේ පුත්‍රවූ මෙරේමොත් අතට අපේ දෙවියන්වහන්සේගේ ගෘහයේදී කිරා දෙනලද්දේය.


ආරොන් පුත්‍රයන්ගේ පංක්ති මේය. ආරොන්ගේ පුත්‍රයෝ නම්: නාදාබ්, අබීහු, එලෙයාසර් සහ ඊතාමාර්ය.


එලෙයාසර්ගේ පුත්‍රවූ පීනෙහාස් පළමු ඔවුන් කෙරෙහි අධිපතියාව සිටියේය, ස්වාමීන්වහන්සේ ඔහු සමඟ සිටිසේක.


මෝසෙස් ස්වාමීන්වහන්සේ තමාට අණකළ ලෙස කොට යෝෂුවා කැඳවාගෙන පූජකවූ එලෙයාසර් සහ මුළු සභාව ඉදිරියෙහි සිටුවා,


පූජකවූ ආරොන්ගේ පුත්‍රවූ එලෙයාසර් ලෙවීවරුන්ගේ අධිපතීන්ගේ අධිපතියාව ශුද්ධස්ථානයේ සේවය භාරගන්නන්ගේ මුලාදෑනියා වන්නේය.


එහෙත් නාදාබ් සහ අබීහු සීනයි කාන්තාරයේදී ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි අන්‍ය ගින්නක් ඔප්පුකළ කල්හි ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි මළෝය, ඔවුන්ට දරුවෝ නොසිටියෝය. එලෙයාසර් සහ ඊතාමාර් තමුන්ගේ පියවූ ආරොන් ඉදිරියෙහි පූජක තනතුරේ සේවයකළෝය.


මෝසෙස් පාප පූජාවේ එළුවා ඕනෑකමින් සෙවීය, බලව, ඒකා පුලුස්සාදමා තිබුණේය. ඔහු ඉතිරිව සිටිය ආරොන්ගේ පුත්‍රයන් වූ එලෙයාසර්ද ඊතාමාර්ද කෙරෙහි උදහස්ව:


නුඹේ සහෝදරවූ ආරොන්ද ඔහු සමඟ ඔහුගේ පුත්‍රයන්ද මට පූජකකම් කරන පිණිස, ආරොන්ද ඔහුගේ පුත්‍රයන්වූ නාදාබ්ද අබීහූද එලෙයාසර්ද ඊතාමර්ද ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙන් නුඹ ළඟට කැඳවාගන්න.


ආරොන් අම්මිනාදබ්ගේ දූවූ, නාෂොන්ගේ සහෝදරීවූ එලිෂෙබා භාර්යාවකොට පාවාගත්තේය; ඈ ඔහු නිසා නාදාබ්ද අබිහුද එලෙයාසර්ද ඊතාමර්ද බිහිකළාය.


ඔහුගේ පුත්‍රයා උස්සීය, ඔහුගේ පුත්‍රයා සෙරහියාය;


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්