1 ලේකම් 6:47 - Sinhala New Revised Version 2018 ඔහු මාලීගේ පුත්‍රයා ය; ඔහු මුෂීගේ පුත්‍රයා ය; ඔහු මෙරාරීගේ පුත්‍රයා ය; ඔහු ලෙවීගේ පුත්‍රයා ය. Sinhala New Revised Version ඔහු මාලීගේ පුත්‍රයා ය; ඔහු මුෂීගේ පුත්‍රයා ය; ඔහු මෙරාරීගේ පුත්‍රයා ය; ඔහු ලෙවීගේ පුත්‍රයා ය. Sinhala Revised Old Version ඔහු මාලීගේ පුත්‍රයාය, ඔහු මූෂීගේ පුත්‍රයාය, ඔහු මෙරාරීගේ පුත්‍රයාය, ඔහු ලෙවීගේ පුත්‍රයාය, |
මන්ද, ඔවුන්ගේ තනතුර නම්, සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ සේවය සම්බන්ධයෙන් ආරොන්ගේ පුත්‍රයන්ට උපකාර කිරීම ය. එනම්, මළුව, ඇතුල් ගෙවල් සහ සියලු ශුද්ධ දේවල් පවිත්‍ර කිරීමත්, දෙවියන් වහන්සේගේ මාලිගාවේ සේවයේ වැඩ ද පිදීමේ පූප ද
ඔවුන්ගේ සහෝදරයන් වූ ලෙවීවරු දෙවියන් වහන්සේගේ මාලිගාව වන මණ්ඩපයේ මුළු මෙහෙයට පත් වී සිටියෝ ය.
පවුල් වශයෙන් මෙරාරීගේ පුත්‍රයෝ නම් මාලී සහ මුෂී ය. තම පිය පෙළපත් අනුව ලෙවීවරුන්ගේ පවුල් මේවා ය.
පූජක ආරොන්ගේ පුත්‍ර ඊතාමාර්ගේ පාලනය යටතේ, මෙරාරීගේ දරුපරපුරට ඔවුන්ගේ සේවාව අනුව ගැල් හතරක් සහ ගොනුන් අටදෙනෙකු ද දුනි.
ලෙවීවරුන්ගේ ගෝත්‍රයට අයිති ගේර්ෂොන්ගේ ගෝත්‍රයට මනස්සේගේ අර්ධ ගෝත්‍රයෙන් දුන්නේ, මිනී මරන අය උදෙසා නියම කළ අභය භූමි නගරයක් වූ බාෂාන්හි තිබෙන ගෝලාන් සහ ඒ අවට තණ බිම් ද බෙ-ජෙෂ්තෙරා සහ ඒ අවට තණ බිම් ද යන නගර දෙක ය.
මෙරාරීවරුන්ගේ ගෝත්‍රවලට රූබන් ගෝත්‍රයෙන් ද ගාද් ගෝත්‍රයෙන් ද සාබුලොන් ගෝත්‍රයෙන් ද නගර දොළොසක් ලැබුණේ ය.