1 ලේකම් 29:2 - Sinhala New Revised Version 2018 එබැවින් මාගේ මුළු ශක්තියෙන් මාගේ දෙවියන් වහන්සේගේ මාලිගාව ගැන රන් වැඩට රන් ද රිදී වැඩට රිදී ද ලෝකඩ වැඩට ලෝකඩ ද යකඩ වැඩට යකඩ ද ලී වැඩට ලී ද නඛමාණික්‍ය ද බැඳීමට ගල් ද ඔබ්බනු පිණිස ගල් ද විසිතුරු ගල් ද සියලු ආකාර මැණික් ගල් ද කිරිගරුඬ ගල් ද බොහෝ සෙයින් ම සූදානම් කෙළෙමි. Sinhala New Revised Version එබැවින් මාගේ මුළු ශක්තියෙන් මාගේ දෙවියන් වහන්සේගේ මාලිගාව ගැන රන් වැඩට රන් ද රිදී වැඩට රිදී ද ලෝකඩ වැඩට ලෝකඩ ද යකඩ වැඩට යකඩ ද ලී වැඩට ලී ද නඛමාණික්‍ය ද බැඳීමට ගල් ද ඔබ්බනු පිණිස ගල් ද විසිතුරු ගල් ද සියලු ආකාර මැණික් ගල් ද කිරිගරුඬ ගල් ද බොහෝ සෙයින් ම සූදානම් කෙළෙමි. Sinhala Revised Old Version එබැවින් මාගේ මුළු ශක්තියෙන් මාගේ දෙවියන්වහන්සේගේ ගෘහය ගැන රන් වැඩට රන්ද රිදී වැඩට රිදීද පිත්තල වැඩට පිත්තලද යකඩ වැඩට යකඩද ලී වැඩට ලීද නඛමාණික්‍යද බැඳීමට ගල්ද ඔබ්බන පිණිස ගල්ද විසිතුරු ගල්ද සියලු ආකාර අනර්ඝ ගල්ද කිරිගරුඬ ගල්ද බොහෝසෙයින්ම සූදානම්කෙළෙමි. |
ඔබේ ආඥා ද ශික්ෂා ද පනත් ද පිළිපදින්නටත්, මේ සියල්ල ම ඉෂ්ට කරන්නටත්, මා සූදානම් කර තිබෙන මාලිගාව ගොඩනඟන්නටත් මාගේ පුත් සලමොන්ට ස්ථිර සිතක් දුන මැනව.”
තවද, ශුද්ධ මාලිගාවට මා විසින් සපයනු ලැබ තිබෙන සියල්ලට අමතර ව මාගේ දෙවියන් වහන්සේගේ මාලිගාව කෙරෙහි ඇති මාගේ ළැදිකම නිසා මාගේ ම සම්පත වන රන් ද රිදී ද මාගේ දෙවියන් වහන්සේගේ මාලිගාවට දුන්නෙමි.
එය ඕපීර් රටේ රනින් වත්, අනගි නඛමාණික්‍යයෙන් වත්, නීල මාණික්‍යයෙන් වත් මිල කළ නොහැකි ය.
එය පිට මැණික් ගල් පේළි හතරක් බැඳිය යුතු ය. පළමු වන පේළිය ලෝහිතංකයක් ද පුෂ්පරාගයක් ද මරකතයක් ද
සතර වන පේළිය රන් කාන්තියක් ද නබමාණික්‍ය ද සූර්යකාන්තියක් ද විය යුතු ය. ඒවා ද රන් කෙවෙණි වල බහා තිබිය යුතු ය.
සතර වන පේළිය රන් කාන්තියක් ද රතු කැටයක් ද සූර්ය කාන්තියක් ද විය. ඒවා රන් කෙවෙණිවල බහා තිබිණි.
ඔව්හු නඛමාණික්‍ය සාදා ඒවා රන් කෙවෙණිවලට එබ්බූ හ. මුද්‍රා කැටයම් කලාව අනුව, ඉශ්රායෙල් ජනතාවගේ නාම ඒවායේ කැටයම් කරන ලදී.
ඔබ අත තබන හැම කටයුත්තක් ම මුළු වීර්යයෙන් ඉටු කරන්න; ඔබ යන පාතාල ලෝකයෙහි කිසි වැඩක් වත්, යෝජනාවක් වත්, දැනගැන්ම වත්, ප්‍රඥාව වත් නැත.
උන් වහන්සේගේ කීර්ති රාවය සිරියාව පුරා පැතිරිණි. නානා රෝග පීඩාවලින් පෙළුණු සියලු රෝගීහු ද දුෂ්ටාත්මාවේශ වූ අය ද මීමැස්මොර රෝගීහු ද අංසබාග රෝගීහු ද උන් වහන්සේ වෙත ගෙනෙන ලද්දෝ ය. උන් වහන්සේ ඔවුන් සුවපත් කළ සේක.
ඔවුන් සිය කැමැත්තෙන් ම ඔවුන්ට හැකි පමණින් හා ඊටත් වැඩියෙන් දුන් බව මම සහතික කොට කියමි.
ඔබ කරන කොයි දෙයක් වුවත්, මනුෂ්‍යයන් උදෙසා නොව, සමිඳාණන් වහන්සේ උදෙසා කරන දෙයක් මෙන් මුළු සිතින් කරන්න.