ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 ලේකම් 26:29 - Sinhala New Revised Version 2018

ඉශ්හාර්වරුන්ගෙන් කෙනනියා ද ඔහුගේ පුත්‍රයෝ ද පරිපාලන කටයුතු ගැන ඉශ්රායෙල්වරුගේ මුලාදෑනියන් ව හා විනිශ්චයකාරයන් ව සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඉශ්හාර්වරුන්ගෙන් කෙනනියා ද ඔහුගේ පුත්‍රයෝ ද පරිපාලන කටයුතු ගැන ඉශ්රායෙල්වරුගේ මුලාදෑනියන් ව හා විනිශ්චයකාරයන් ව සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඉශ්හාර්වරුන්ගෙන් කෙනනියාද ඔහුගේ පුත්‍රයෝද පිටත කටයුතු ගැන ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි මුලාදෑනියෝව විනිශ්චයකාරයෝව සිටියෝය.

පරිච්ඡේදය බලන්න



1 ලේකම් 26:29
11 හුවමාරු යොමු  

කොහාත්ගේ පුත්‍රයෝ නම්: අම්රාම් ද ඉශ්හාර් ද හෙබ්‍රොන් ද උශ්ශියෙල් ද යන සතරදෙනා ය.


මොවුන්ගෙන් විසිහතරදහසක් සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ වැඩ බලා ගැනීමට සිටියෝ ය. හයදහසක් මුලාදෑනියෝ ද විනිශ්චයකාරයෝ ද වූ හ.


අම්රාම්වරුත්, ඉෂ්හාර්වරුත්, හෙබ්‍රොන්වරුත්, උශ්ශියෙල්වරුත් වූවෝ ය.


දිවැසිවරයා වූ සාමුවෙල් ද කිෂ්ගේ පුත් සාවුල් ද නේර්ගේ පුත් අබ්නේර් ද ශෙරුයාගේ පුත් ජෝවාබ් ද විසින් කැප කරන ලද සියල්ලත්, කවුරුන් විසින් නමුත් කැප කරන ලද දේත් ෂෙලොමොත් සහ ඔහුගේ සහෝදරයන් යටතේ තිබුණේ ය.


පස් වැනි මාසයට පස් වැනි අධිපතියා නම්, ඉශ්රාහී ෂම්හුත් ය. ඔහුගේ කාණ්ඩයෙහි විසිහතරදහසක් සිටියෝ ය.


ඔව්හු බර උසුලන්නන් කෙරෙහිත්, එක එක සේවයේ වැඩය කරන සියල්ලන් කෙරෙහිත් නිලධාරීන් ව සිටියෝ ය. ලෙවීවරුන්ගෙන් සමහරු ලිපිකරුවන් ව, නිලධාරීන් ව, දොරටු පාලකයන් ව සිටියෝ ය.


ලෙවීවරුන්ගේ ප්‍රධානීන්ගෙන්, දෙවියන් වහන්සේගේ මාලිගාවේ දී පිටත කාරණා බලාගන්න ෂබ්බෙතයි ද ජෝෂාබාද් ද


කොහාත්ගේ පවුල්වලට අයිති වූවෝ නම් අම්රාම්, ඉශ්හාර්, හෙබ්‍රොන් සහ උශ්ශියෙල්ගේ පවුල්වල අය වෙත්.


“ඔබේ නගරය තුළ විවාදයට භාජනය වූ නොයෙක් විදියේ මිනීමැරීම් ද පැමිණිලි ද පහර දීම් ද පිළිබඳ ව තීරණයක් දීම ඉතා දුෂ්කර නම්, දෙවි සමිඳාණන් වහන්සේ තෝරාගත් ස්ථානයට ඔබ ගොස්


ලෙවී පූජකයන් සහ එකල පත් ව සිටින විනිසකරු වෙත පැමිණ එය විසඳාගත යුතු ය. ඔව්හු ඔබට නඩු තීන්දුව දෙන්නෝ ය.