Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 26:29 - Sinhala Revised Old Version

29 ඉශ්හාර්වරුන්ගෙන් කෙනනියාද ඔහුගේ පුත්‍රයෝද පිටත කටයුතු ගැන ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි මුලාදෑනියෝව විනිශ්චයකාරයෝව සිටියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

29 ඉශ්හාර්වරුන්ගෙන් කෙනනියා ද ඔහුගේ පුත්‍රයෝ ද පරිපාලන කටයුතු ගැන ඉශ්රායෙල්වරුගේ මුලාදෑනියන් ව හා විනිශ්චයකාරයන් ව සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

29 ඉශ්හාර්වරුන්ගෙන් කෙනනියා ද ඔහුගේ පුත්‍රයෝ ද පරිපාලන කටයුතු ගැන ඉශ්රායෙල්වරුගේ මුලාදෑනියන් ව හා විනිශ්චයකාරයන් ව සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 26:29
11 හුවමාරු යොමු  

ලෙවීවරුන්ගේ ප්‍රධානීන්ගෙන් දෙවියන්වහන්සේගේ ගෘහයේ පිටත කාරණා බලාගත්තාවූ ෂබ්බෙතයිද යෝසාබාද්ද;


මොවුන්ගෙන් විසිහතර දහසක් ස්වාමීන්වහන්සේගේ ගෘහයේ වැඩ බලාගැනීමට සිටියෝය; හදහසක් මුලාදෑනියෝව විනිශ්චයකාරයෝව සිටියෝය.


ඔව්හු බර උසුලන්නන් කෙරෙහිත් එක එක සේවයේ වැඩය කරන සියල්ලන් කෙරෙහිත් මුලාදෑනියෝව සිටියෝය. ලෙවීවරුන්ගෙන් සමහරු ලියන්නෝව මුලාදෑනියෝව දොරටුපාලයෝව සිටියෝය.


අම්රාම්වරුත් ඉෂ්හාර්වරුත් හෙබ්‍රොන්වරුත් උස්සීයෙල්වරුත් වූවෝය.


කොහාත්ගේ පුත්‍රයෝ නම්: අම්රාම්ද ඉශ්හාර්ද හෙබ්‍රොන්ද උස්සීයෙල්ද යන සතර දෙනාය.


අම්රාම් පවුලද ඉශ්හාර් පවුලද හෙබ්‍රොන් පවුලද උස්සීයෙල් පවුලද කොහාත්ගෙන් වූවෝය. කොහාත්වරුන්ගේ පවුල් මේවාය.


දර්ශනකාරයාවූ සාමුවෙල්ද කීෂ්ගේ පුත්‍රවූ සාවුල්ද නේර්ගේ පුත්‍රවූ අබ්නේර්ද ශෙරුයාගේ පුත්‍රවූ යෝවාබ්ද විසින් කැපකළ සියල්ලත් කා විසින් නුමුත් කැපකළ දේත් ෂෙලොමොත් සහ ඔහුගේ සහෝදරයන් යටතේ තිබුණේය.


නුඹේ දොරටු ඇතුළෙහි හටගන්න නඩුවලින් ලේ සහ ලේ අතරේද පැමිණිල්ල සහ පැමිණිල්ල අතරේද පහර සහ පහර අතරේද විනිශ්චයකරන්ට යම් කාරණයක් නුඹට අමාරු වැඩි නම්, නුඹ නැගිට නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තෝරාගන්නාවූ ස්ථානයට ගොස්,


ලෙවීවරු වන පූජකයන්ද ඒ දවස්වල සිටින විනිශ්චයකාරයාද ළඟට ගොස් විභාගකරන්න; ඔවුන් නුඹට නඩුවේ තීන්දුව දන්වනවා ඇත.


පස්වෙනි මාසයට පස්වෙනි අධිපතියා නම් ඉස්‍රාහිය ෂම්හුත්ය. ඔහුගේ පංක්තියෙහි විසිහතර දහසක් සිටියෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්