ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 ලේකම් 26:17 - Sinhala New Revised Version 2018

නැගෙනහිරට සිටියේ ලෙවීවරු හයදෙනෙක් ය; උතුරට දවසට සතරදෙනෙක් ය; දකුණට දවසට සතරදෙනෙක් ය; භාණ්ඩාගාරය ළඟ දෙදෙනා ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

නැගෙනහිරට සිටියේ ලෙවීවරු හයදෙනෙක් ය; උතුරට දවසට සතරදෙනෙක් ය; දකුණට දවසට සතරදෙනෙක් ය; භාණ්ඩාගාරය ළඟ දෙදෙනා ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

නැගෙනහිරට සිටියේ ලෙවීවරු හදෙනෙක්ය, උතුරට දවසට හතරදෙනෙක්ය, දකුණට දවසට හතරදෙනෙක්ය, භාණ්ඩාගාරය ළඟ දෙදෙන දෙදෙනාය.

පරිච්ඡේදය බලන්න



1 ලේකම් 26:17
6 හුවමාරු යොමු  

බස්නාහිර පැත්තේ නඟින මාවතෙහි තිබෙන ෂල්ලෙකෙත් දොරටුව ෂුප්පීම්ටත්, හෝසාටත් වැටුණේ ය. දොරටු පාලකයෝ මාරුවෙන් මාරුවට සිටියෝ ය.


බස්නාහිරට බරාඳය ළඟ මාවතේ හතරදෙනෙක් ය; බරාඳයෙහි දෙදෙනෙක් ය.


නැගෙනහිර ද බස්නාහිර ද උතුර ද දකුණ ද යන සතර පැතිවල දොරටු පාලකයෝ සිටියෝ ය.


නැගෙනහිර දොරටු පාලකයා වූ, ලෙවීයෙකු වූ ඉම්නාගේ පුත් කෝරේ සමිඳාණන් වහන්සේගේ පඬුරුත්, අතිශුද්ධ දේත් බෙදා දෙන පිණිස සිය කැමැත්තෙන් ම දෙවියන් වහන්සේට ඔප්පු කළ දේවල් බාර ව සිටියේ ය.


තවද, ඔහු තමාගේ පිය වූ දාවිත්ගේ නියෝගය ලෙස පූජක කාණ්ඩ ඔවුන්ගේ සේවයට ද ලෙවීවරුන් එක එක දවසට සුදුසු ලෙස පූජකයන් ඉදිරියෙහි සේවය කිරීමත්, ප්‍රශංසා කිරීමත් යන ඔවුන්ට භාර වූ වැඩට ද දොරටු පාලකයන් ඔවුන්ගේ කාණ්ඩවල හැටියට එක එක දොරටුවට ද නියම කෙළේ ය. මන්ද, දෙවියන් වහන්සේට කැප මනුෂ්‍යයා වූ දාවිත් මෙසේ අණ කර තිබූ බැවිනි.


මත්තනියා ද බක්බුකියා ද ඔබදියා ද මෙෂුල්ලාම් ද ටල්මොන් ද අක්කුබ් ද දොරටු ගබඩාවල දොරටු පාලකයන් ව සිට රැකවල් කළෝ ය.