ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 ලේකම් 26:14 - Sinhala New Revised Version 2018

නැගෙනහිර පැත්තේ පස ඇටය වැටුණේ ෂෙලෙමියාට ය. ඉන්පසු ඔහුගේ පුත් නැණවත් මන්ත්‍රීවරයෙකු වූ ශෙකරියා ගැන පස ඇට දැමුවෝ ය. ඔහුගේ පස ඇටය වැටුණේ උතුරු පැත්තට ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

නැගෙනහිර පැත්තේ පස ඇටය වැටුණේ ෂෙලෙමියාට ය. ඉන්පසු ඔහුගේ පුත් නැණවත් මන්ත්‍රීවරයෙකු වූ ශෙකරියා ගැන පස ඇට දැමුවෝ ය. ඔහුගේ පස ඇටය වැටුණේ උතුරු පැත්තට ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

නැගෙනහිර පැත්තේ පසඇටය වැටුණේ ෂෙලෙමියාටය. ඉන්පසු ඔහුගේ පුත්‍රවූ ඥානවත් මන්ත්‍රියෙක්වූ ශෙකරියා ගැන පසඇට දැමුවෝය; ඔහුගේ පසඇටය වැටුණේ උතුරු පැත්තටය.

පරිච්ඡේදය බලන්න



1 ලේකම් 26:14
7 හුවමාරු යොමු  

ඔව්හු ද තමන්ගේ පිය වංශ ලෙස ලොකු අය මෙන් ම කුඩා අයත් එක එක දොරටුව ගැන පස ඇට දැමුවෝ ය.


ඕබෙද්-ඒදොම්ට වැටුණේ දකුණු පැත්ත ය. ඔහුගේ පුත්‍රයන්ට වැටුණේ භාණ්ඩාගාරය ය.


මෙෂෙලෙමියාට බලවන්තයන් වන පුත්‍රයෝ ද සහෝදරයෝ ද දහඅටදෙනෙක් වූවෝ ය.


මෙෂෙලෙමියාගේ පුත් ශෙකරියා සම්මුඛ මණ්ඩපයේ දොරකඩ දොරටු පාලකයා ව සිටියේ ය.


නැගෙනහිර ද බස්නාහිර ද උතුර ද දකුණ ද යන සතර පැතිවල දොරටු පාලකයෝ සිටියෝ ය.


නැගෙනහිර දොරටු පාලකයා වූ, ලෙවීයෙකු වූ ඉම්නාගේ පුත් කෝරේ සමිඳාණන් වහන්සේගේ පඬුරුත්, අතිශුද්ධ දේත් බෙදා දෙන පිණිස සිය කැමැත්තෙන් ම දෙවියන් වහන්සේට ඔප්පු කළ දේවල් බාර ව සිටියේ ය.


එවිට මම එලියේසර් ද අරියෙල් ද ෂෙමායා ද එල්නාතාන් ද ජාරිබ් ද එල්නාතාන් ද නාතාන් ද ශෙකරියා ද මෙෂුල්ලාම් ද යන ප්‍රධානීන් සහ ජෝයාරිබ් ද එල්නාතාන් ද යන බුද්ධිමතුන් ද කැඳවාගෙන,