දාවිත්ගේ අවසාන වචන මෙසේ ය. ජෙස්සේගේ පුත්‍රයා ද උසස් කරනු ලැබූ මනුෂ්‍යයා ද ජාකොබ්ගේ දෙවියන් වහන්සේගේ අභිෂේක ලත් නැතැත්තා ද ඉශ්රායෙල් ජාතියේ මිහිරි ගායකයා ද වන දාවිත් මෙසේ කියයි:
1 ලේකම් 23:27 - Sinhala New Revised Version 2018 දාවිත්ගේ අන්තිම වචනවල හැටියට විසි අවුරුද්ද පටන් ඉන් ඉහළට වයස් ඇති පුත්‍රයෝ ගණන් ගන්න ලද්දෝ ය. Sinhala New Revised Version දාවිත්ගේ අන්තිම වචනවල හැටියට විසි අවුරුද්ද පටන් ඉන් ඉහළට වයස් ඇති පුත්‍රයෝ ගණන් ගන්න ලද්දෝ ය. Sinhala Revised Old Version දාවිත්ගේ අන්තිම වචනවල හැටියට විසි අවුරුද්ද පටන් ඉන් ඉහළට වයස් ඇති පුත්‍රයෝ ගණන්ගන්නාලද්දෝය. |
දාවිත්ගේ අවසාන වචන මෙසේ ය. ජෙස්සේගේ පුත්‍රයා ද උසස් කරනු ලැබූ මනුෂ්‍යයා ද ජාකොබ්ගේ දෙවියන් වහන්සේගේ අභිෂේක ලත් නැතැත්තා ද ඉශ්රායෙල් ජාතියේ මිහිරි ගායකයා ද වන දාවිත් මෙසේ කියයි:
ඔව්හු තමන්ගේ පිය පෙළපත්වල හැටියට, පිය පෙළපත්වල ප්‍රධානියන් වන විසි අවුරුදු වයසේ පටන් ඉන් ඉහළට එක් කෙනෙකු එක් කෙනෙකු පාසා නම් වශයෙන් ගණන් කරන ලද්දා වූ, සමිඳාණන් වහන්සේගේ මාලිගා සේවයේ වැඩ කළා වූ ලෙවීගේ පුත්‍රයෝ ය.
“මණ්ඩපය සහ එහි සේවයට අයිති සියලු භාණ්ඩත් ලෙවීවරුන්ට තවත් උසුලා ගෙන යන්න වන්නේ නැතැ”යි ද කීවේ ය.
මන්ද, ඔවුන්ගේ තනතුර නම්, සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ සේවය සම්බන්ධයෙන් ආරොන්ගේ පුත්‍රයන්ට උපකාර කිරීම ය. එනම්, මළුව, ඇතුල් ගෙවල් සහ සියලු ශුද්ධ දේවල් පවිත්‍ර කිරීමත්, දෙවියන් වහන්සේගේ මාලිගාවේ සේවයේ වැඩ ද පිදීමේ පූප ද
ලෙවීවරුන්ගෙන් ගණන් ගන්නා ලද්දේ, තිස් අවුරුද්දක පටන් ඉන් ඉහළට වයස් ඇති අය ය. එසේ එක් කෙනෙකු එක් කෙනෙකු පාසා ගණන් ගන්න ලද පුරුෂයන්ගේ ගණන තිස්අටදහසක් විය.
එනම්, තමන්ගේ පිය වංශවල හැටියට ලියාපදිංචි වූ අවුරුදු විස්සේ පටන් ඉන් ඉහළට වයස් ඇති තමන්ගේ කාණ්ඩවල තම තනතුරුවල සිටි පූජකයන් ද ලෙවීවරුන් ද
ඔවුන් සම්මුඛ මණ්ඩපයට අයත් බඩු භාණ්ඩ භාරගෙන, මණ්ඩපයේ සේවාවන් පිළිබඳ ව ඉශ්රායෙල් ජනයාගේ වගකීම් ඉටු කළ යුතු ය.
අවුරුදු තිහේ සිට පණහ දක්වා වයසැති, හමුදාවේ සේවය කළ හැකි සියල්ලන් සම්මුඛ මණ්ඩපයේ සේවය සඳහා ලියාපදිංචි කරන්න.