ෂම්මයිගේ සහෝදර වූ ජාදාගේ පුත්‍රයෝ නම්: ජෙතෙර් සහ ජොනතන් ය. ජෙතෙර් දරුවන් නොලැබ මියගියේ ය.
ෂම්මයිගේ සහෝදරවූ යාදාගේ පුත්‍රයෝනම්: යෙතෙර් සහ යොනාතාන්ය. යෙතෙර් දරුවන් නොලැබ මළේය.
ඕනාම්ගේ පුත්‍රයෝ නම්: ෂම්මයි සහ ජාදා ය. ෂම්මයිගේ පුත්‍රයෝ නම්: නාදාබ් සහ අබිෂුර් ය.
අප්පයිම්ගේ පුත්‍රයා නම්: ඉෂී ය. ඉෂීගේ පුත්‍රයා නම් ෂේෂාන් ය. ෂේෂාන්ගේ පුත්‍රයා නම් ආලයි ය.
ජොනතන්ගේ පුත්‍රයෝ නම්: පෙලෙත් සහ සාසා ය. මොවුහු ජෙරාමෙයෙල්ගේ පුත්‍රයෝ ය.