1 ලේකම් 18:8 - Sinhala New Revised Version 2018 තිබ්හත් ද කුන් ද යන හදද්-එශෙර්ගේ නගරවලින් දාවිත් බොහෝ ලෝකඩ ගත්තේ ය. එයින් සලමොන් ලෝකඩ තටාකයත්, කුළුනුත්, ලෝකඩ භාජනත් සෑදී ය. Sinhala New Revised Version තිබ්හත් ද කුන් ද යන හදද්-එශෙර්ගේ නගරවලින් දාවිත් බොහෝ ලෝකඩ ගත්තේ ය. එයින් සලමොන් ලෝකඩ තටාකයත්, කුළුනුත්, ලෝකඩ භාජනත් සෑදී ය. Sinhala Revised Old Version තිබ්හත්ද කූන්ද යන හදර්එසෙර්ගේ නුවරවලින් දාවිත් බොහෝ පිත්තල ගත්තේය, එයින් සාලමොන් පිත්තල මුහුදත් කුළුනුත් පිත්තල භාජනත් සෑදීය. |
මෙන්න, මා දිළිඳු වුව ද, සමිඳාණන් වහන්සේගේ මාලිගාවට රන් මෙට්රික් ටොන් තුන්දාස් හාරසියයකුත්, රිදී මෙට්රික් ටොන් තිස්හතරදහසකුත් ගණන් නැති තරම් ලෝකඩත්, යකඩත් සූදානම් කෙළෙමි. ඒවා අතිශයින් වැඩි ය. ඒ ඇර ලී ද ගල් ද සූදානම් කෙළෙමි. ඒවාට තව එකතු කරන්න ඔබට පුළුවන.
මාලිගාව ඉදිරිපිට ඔහු මීටර් පහළොවයි දශම පහක් උස ඇති කුලුණු දෙකක් සෑදුවේ ය. එක එකේ මුදුන පිට තිබුණ පේකඩය මීටර් දෙකයි දශම දෙකකි.
තවද, හූරාම්, සැළිත්, හැඳිත්, තාලිත් සෑදුවේ ය. මෙසේ හූරාම් දෙවියන් වහන්සේගේ මාලිගාවෙහි සලමොන් රජ උදෙසා කළ වැඩ ඉෂ්ට කොට නිම කෙළේ ය.