ඔබ මේ සියලු උසස් දේ කොට ඔබේ මෙහෙකරුවාට එය දැන්වූයේ ඔබේ පොරොන්දුව නිසා ය. ඔබේ සිතට එකඟ ලෙස ය.
1 ලේකම් 17:19 - Sinhala New Revised Version 2018 සමිඳාණන් වහන්ස, ඔබේ සිතේ හැටියට ඔබේ මෙහෙකරුවා උදෙසා ඔබ මේ මහා දේ කර, ඉදිරියට වන්න යන දේ ඔබ දන්න සේක. Sinhala New Revised Version සමිඳාණන් වහන්ස, ඔබේ සිතේ හැටියට ඔබේ මෙහෙකරුවා උදෙසා ඔබ මේ මහා දේ කර, ඉදිරියට වන්න යන දේ ඔබ දන්න සේක. Sinhala Revised Old Version ස්වාමීන්වහන්ස, ඔබ මේ මුළු මහත් දෙය කොට මේ සියලු මහත් දේ දැන්නුවේ ඔබගේ මෙහෙකරුවා උදෙසාත් ඔබගේ සිතේ හැටියටත්ය. |
ඔබ මේ සියලු උසස් දේ කොට ඔබේ මෙහෙකරුවාට එය දැන්වූයේ ඔබේ පොරොන්දුව නිසා ය. ඔබේ සිතට එකඟ ලෙස ය.
ඔබේ මෙහෙකරුවාට පෙන්වූ ගෞරවය ගැන දාවිත් ඔබට තවත් කුමක් කියන්න ද? මන්ද, ඔබ වහන්සේ ඔබේ මෙහෙකරුවා දන්න සේක.
සමිඳාණන් වහන්ස, අපේ කන්වලින් අප ඇසූ සියල්ල ලෙස ඔබට සමාන කෙනෙක් නැත. ඔබ වහන්සේ හැර වෙන කිසි දෙවි කෙනෙක් ද නැත.
සමිඳුනි, මම ඔබේ මෙහෙකරුවෙක් වෙමි; සැබැවින් ම ඔබේ මෙහෙකරුවෙක් වෙමි; ඔබේ දාසිගේ පුත්‍රයා වෙමි. ඔබ මාගේ බැඳුම් මිදූ සේක.
මාගේ ගෞරවය සඳහාත්, මාගේ සේවක දාවිත්ට කළ පොරොන්දුව නිසාත් මේ නගරය රැක බලා ගළවාගන්නෙමි.”
“මා සහාය දෙන මාගේ සේවකයා මෙන්න. මට ප්‍රිය වූ මාගේ තෝරාගත් තැනැත්තා මෙන්න. මාගේ ආත්මානුභාවය මා එතුමාට ප්‍රදානය කර ඇත. සියලු ජාතීන්ට එතුමා යුක්තිය ගෙන දෙනු ඇත.
එතුමාණෝ කතා කොට, “ඉශ්රායෙල්, නුඹ මාගේ සේවකයා ය, නුඹ මඟින් සෙනඟ මාගේ මහිමය ප්‍රකාශ කරනු ඇතැ”යි වදාළ සේක.
දෙවියන් වහන්සේ මෙසේ කළේ, අපගේ ස්වාමීන් වන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළින් උන් වහන්සේ ඉටු කළ ස්වකීය සදාතන අභිප්‍රායට අනුකූල ව ය.