1 ලේකම් 16:15 - Sinhala New Revised Version 2018 එතුමන්ගේ ගිවිසුම සදහටත්, එතුමන් අණ කළ වචනය පරම්පරා දහසක් දක්වාත් සිහි කරන්න. Sinhala New Revised Version එතුමන්ගේ ගිවිසුම සදහටත්, එතුමන් අණ කළ වචනය පරම්පරා දහසක් දක්වාත් සිහි කරන්න. Sinhala Revised Old Version උන්වහන්සේගේ ගිවිසුම සදාකාලේටත් උන්වහන්සේ අණකළ වචනය පරම්පරා දහසකටත් සිහිකරව්. |
හිමිතුමාණන්ගේ ගිවිසුම හා ශික්ෂා පද පිළිපදින අයට එතුමාණන්ගේ සියලු මාවත් කරුණාවේ හා සත්‍යයේ මාවත් වනු ඇත.
මේ සියල්ල අපට පැමිණි බව ඇත්ත ය; එහෙත් අපි, ඔබ අමතක නොකෙළෙමු; ඔබ සමඟ කළ අපේ ගිවිසුම කඩ නොකෙළෙමු.
“ඉශ්රායෙල්හි සියලු සෙනඟ විසින් පිළිපදිනු ලබන පිණිස හොරෙබ් කන්දේ දී මාගේ සේවක මෝසෙස්ට මා දුන් ආඥා හා නියෝග සිහි කරන්න.
එබැවින් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ පමණක් දෙවියන් වහන්සේ බවත්, උන් වහන්සේ විශ්වාසවන්ත දෙවි කෙනෙකු බවත් දැනගන්න. උන් වහන්සේට කරුණාව පාමින්, උන් වහන්සේගේ අණපනත් පිළිපදින අයට පරම්පරා දහසක් දක්වා උන් වහන්සේත් ගිවිසුම ඉටු කරමින් ස්ථීර ප්‍රේමය දක්වන සේක.