නුඹේ වංශය ද රාජශ්‍රීය ද මා ඉදිරියෙහි සදහට ම ස්ථිර කරනු ලබන්නේ ය. නුඹේ සිංහාසනය සදහට ම පිහිටුවනු ලබන්නේ ය.”
1 ලේකම් 14:2 - Sinhala New Revised Version 2018 දාවිත් ද තමා ඉශ්රායෙල්වරුන්ගේ රජ කොට සමිඳාණන් වහන්සේ විසින් ස්ථිර කරන ලද බව දැනගත්තේ ය. මන්ද, උන් වහන්සේගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන් උදෙසා ඔහුගේ රාජ්‍යය සමෘද්ධිමත් වී තිබුණේ ය. Sinhala New Revised Version දාවිත් ද තමා ඉශ්රායෙල්වරුන්ගේ රජ කොට සමිඳාණන් වහන්සේ විසින් ස්ථිර කරන ලද බව දැනගත්තේ ය. මන්ද, උන් වහන්සේගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන් උදෙසා ඔහුගේ රාජ්‍යය සමෘද්ධිමත් වී තිබුණේ ය. Sinhala Revised Old Version දාවිත්ද තමා ඉශ්‍රායෙල් කෙරෙහි රජකොට ස්වාමීන්වහන්සේ විසින් ස්ථිරකළ බව දැනගත්තේය, මක්නිසාද උන්වහන්සේගේ සෙනඟවූ ඉශ්‍රායෙල් උදෙසා ඔහුගේ රාජ්‍යය උසස්වී තිබුණේය. |
නුඹේ වංශය ද රාජශ්‍රීය ද මා ඉදිරියෙහි සදහට ම ස්ථිර කරනු ලබන්නේ ය. නුඹේ සිංහාසනය සදහට ම පිහිටුවනු ලබන්නේ ය.”
“එබැවින්, මාගේ මෙහෙකරු දාවිත්ට මෙසේ කියන්නැ යි සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක. මාගේ සෙනඟ වන ඉශ්රායෙල් කෙරෙහි අධිපතියා වන පිණිස තණ බිමෙන් ද බැටළුවන් පස්සේ යාමෙන් ද මම නුඹ කැඳවාගතිමි.
ඉශ්රායෙල්වරුන්ගේ සිංහාසනය පිට ඔබ පත් කරන පිණිස ඔබ කෙරෙහි ප්‍රසන්න වූ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේ වා! සමිඳාණන් වහන්සේ සැම කල්හි ම ඉශ්රායෙල්වරුන්ට ප්‍රේම කළ බැවින් විනිශ්චයත්, යුක්තියත් ඉෂ්ට කරන්නට උන් වහන්සේ ඔබ රජ කොට පත් කළ සේකැ”යි කීවා ය.
තීර්හි රජ වූ හීරාම් දාවිත්ට මාලිගාවක් ගොඩනැඟීම පිණිස ඔහු වෙත පණිවුඩකාරයන් ද කිහිරි ලී ද ගල් වඩුවන් ද වඩුවන් ද එවී ය.
දාවිත් ජෙරුසලමේ දී තවත් භාර්යාවන් පාවාගත්තේ ය. දාවිත්ට දාව තව පුත්‍රයෝත්, දූවරුත් උපන්නෝ ය.
එහෙත්, දෙවියන් වහන්ස, මෙය ද ඔබේ ඇස් හමුයෙහි සුළු දෙයක් වූ ලෙස තකා, මතු කාලයට ඔබේ මෙහෙකරුවාගේ වංශය ගැන ඔබ කතා කොට, දෙවි සමිඳාණන් වහන්ස, උත්තම මනුෂ්‍යයෙකු හැටියට ඔබ මා සැලකූ සේක.
ලී කපන ඔබේ මෙහෙකරුවන්ගේ ආහාර පිණිස තිරිඟු මෙට්රික් ටොන් දෙදහසක් ද යව මෙට්රික් ටොන් දෙදහසක් ද මුද්‍රික පාන ලීටර් හාරලක්ෂයක් ද තෙල් ලීටර් හාරලක්ෂයක් ද මම දෙන්නෙමි”යි කියා යැවී ය.
එවිට තීර්හි රජ වන හූරාම්, සලමොන්ට ලියුමකින් උත්තර දෙමින්, “සමිඳාණන් වහන්සේ තමන් සෙනඟට ප්‍රේම කරන නිසා උන් වහන්සේ ඔබ ඔවුන්ගේ රජ කොට පත් කළ සේකැ”යි කී ය.
ඔවුන්ගේ බඳුන්හි ජලය උතුරා යයි; ඔවුන්ගේ පෙළපත මහ සමුදුර මෙනි, ඔවුන්ගේ රජ, ආගග් රජුට වඩා උසස් වනු ඇත. ඔවුන්ගේ අණසක දසත පැතිර යනු ඇත.
“මා අද දින ඔබට නියම කරන අණපනත් සියල්ල පිළිපදින පිණිස ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ හඬට ඔබ කීකරු වන්නහු නම්, උන් වහන්සේ මිහි පිට සියලු ජාතීන්ට වඩා ඔබ උසස් කරන සේක.