ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 ලේකම් 13:3 - Sinhala New Revised Version 2018

අපේ දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව අප වෙත නැවත ගෙනෙමු. මන්ද, සාවුල්ගේ කාලයේ දී අපි එය ගැන නොසැලකුවෙමු”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

අපේ දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව අප වෙත නැවත ගෙනෙමු. මන්ද, සාවුල්ගේ කාලයේ දී අපි එය ගැන නොසැලකුවෙමු”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

අපේ දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය අප වෙතට නැවත ගෙනෙමු. මක්නිසාද සාවුල්ගේ දවස්වලදී අපි ඒක ඉදිරියෙහි නොවිචාළෙමුයයි කීවේය.

පරිච්ඡේදය බලන්න



1 ලේකම් 13:3
11 හුවමාරු යොමු  

මුළු ඉශ්රායෙල් සභාවට කතා කොට, “ඔබ හැමට මා කියන දේ හොඳ ය කියා පෙනේ නම්, අපේ දෙවි සමිඳාණන් වහන්සේත් ඊට කැමැති වන සේක් නම්, මුළු ඉශ්රායෙල් දේශයෙහි ඉතිරි ව සිටින අපේ සහෝදරයන්ට ද ඔවුන් සමඟ තමන්ගේ ගම් බිම් සහිත නගරවල සිටින පූජකයන්ට ද ලෙවීවරුන්ට ද අප ළඟට රැස්වන්න කියා සෑම දිශාවලට දන්වා යවා,


මුළු සෙනඟගේ ඇස් හමුයෙහි එය කළ යුතු දෙයක් ලෙස පෙනුණු නිසා, එසේ කරන්න කැමැති බව මුළු සභාව කියා සිටියා ය.


පළමු වතාවේ දී එය ගෙනා අය ඔබ හැම නොවූ බැවින් අපේ දෙවි සමිඳාණන් වහන්සේ අපට පහර දුන් සේක. මන්ද, නියෝගය ලෙස අපි උන් වහන්සේ නොසෙවුවෙමු”යි කීවේ ය.


බෙත්ලෙහෙමේ දී ගිවිසුම් කරඬුව ගැන ඇසුවෙමු. වන ලැහැබ් තුළ එය අපට සම්බ විය.


එවිට සාවුල් අහියා නම් පූජකයාට කතා කොට, “ඒපොද් සැට්ටය මෙහි ගෙනෙන්නැ”යි කීවේ ය. ඒ අවස්ථාවේ දී ඒපොද් සැට්ටය ඉශ්රායෙල් ජනයාට ඉදිරියෙන් උසුලාගෙන ගියේ ඔහු ය.


සාවුල් සෙනඟ අමතා, “අපි අද රාත්‍රියේ පිලිස්තිවරුන් ලුහුබැඳ ගොස් ඔවුන්ගෙන් එක් කෙනෙකු වත් ඉතුරු නොකර, පහන් වන තෙක් මුළු රෑ ඔවුන්ගෙන් කොල්ලකාගනිමු”යි කීවේ ය. ඔව්හු ද පිළිතුරු දෙමින්, “ඔබට යහපතැ යි පෙනෙන කොයි දෙයක් වුව ද කළ මැනවැ”යි කීවෝ ය. එවිට පූජකයා, “අපි මෙහි දෙවියන් වහන්සේ වෙත ළං වමු”යි කීවේ ය.


දාවිත් කළ යුත්තේ කුමක් දැ යි අහිමෙලෙක් සමිඳාණන් වහන්සේගෙන් විමසා ඔහුට ආහාර දී, පිලිස්තිවරයා වූ ගොලියත්ගේ කඩුවත් ඔහුට දුන්නේ ය”යි කීවේ ය.


මා ඔහු උදෙසා දෙවියන් වහන්සේගෙන් විමසන්න පටන්ගත්තේ මේ දවසේ පමණක් ද? කොහෙත් ම නැත. රජ්ජුරුවෝ තමාගේ මෙහෙකරු වූ මා කෙරෙහි වත්, මාගේ ඥාතීන් කිසිවෙකු කෙරෙහි වත් වරද නොතබත් වා. මන්ද, ඔබේ මෙහෙකරුවා මේ කැරලි ගැසීම ගැන කිසිවක් නොදන්නේ ය”යි කීවේ ය.


එබැවින්, “මා ගොස් මේ පිලිස්තිවරුන්ට පහර දෙන්න දැ”යි දාවිත් සමිඳාණන් වහන්සේගෙන් විමසුවේ ය. සමිඳාණන් වහන්සේ පිළිතුරු දෙමින්, “නුඹ ගොස් පිලිස්තිවරුන්ට පහර දී කෙයිලා නගරය ගළවාගන්නැ”යි දාවිත්ට වදාළ සේක.