ඉශ්රායෙල් වංශය ගැන සමිඳාණන් වහන්සේ වදාළ වචනය ප්‍රකාරයට, දාවිත් රජකමට පත් කරන පිණිස, සියලු ඉශ්රායෙල්වරුන් සමඟ ඔහු රජකමට පත් කිරීම ගැන ඔහුට උපකාර කළ ප්‍රධාන බලවන්තයෝ මොවුහු ය.
1 ලේකම් 12:21 - Sinhala New Revised Version 2018 ඔව්හු කොල්ලකාර හමුදාවට විරුද්ධ ව දාවිත්ට උපකාර කළෝ ය. මන්ද, ඔව්හු සියල්ලෝ ම බලවන්තයන් ව ද සේනාවේ අධිපතියන් ව ද සිටියෝ ය. Sinhala New Revised Version ඔව්හු කොල්ලකාර හමුදාවට විරුද්ධ ව දාවිත්ට උපකාර කළෝ ය. මන්ද, ඔව්හු සියල්ලෝ ම බලවන්තයන් ව ද සේනාවේ අධිපතියන් ව ද සිටියෝ ය. Sinhala Revised Old Version ඔව්හු කොල්ලකාර හමුදාවට විරුද්ධව දාවිත්ට උපකාරකළෝය. මක්නිසාද ඔවුන් සියල්ලෝම බලවන්තයෝව සේනාවේ අධිපතියෝව සිටියෝය. |
ඉශ්රායෙල් වංශය ගැන සමිඳාණන් වහන්සේ වදාළ වචනය ප්‍රකාරයට, දාවිත් රජකමට පත් කරන පිණිස, සියලු ඉශ්රායෙල්වරුන් සමඟ ඔහු රජකමට පත් කිරීම ගැන ඔහුට උපකාර කළ ප්‍රධාන බලවන්තයෝ මොවුහු ය.
එසේ ඔහු ශික්ලග් නම් ස්ථානයට යද්දී මනස්සේවරුන්ගෙන් සහශ්‍රාධිපතියන් වූ අද්නා ද ජොශාබාද් ද ජෙදීයයෙල් ද මිකායෙල් ද ජෝශාබාද් ද එලීහු ද ශිල්ලෙතයි ද ඔහුට එකතු වූ හ.
ඔවුන්ගේ පිය වංශවල ප්‍රධානියෝ මොවුහු ය: ඒපෙර්, ඉෂී, එලියෙල්, අශ්රියෙල්, ජෙරමියා, හෝදවියා සහ ජාදියෙල් ය. ඔව්හු බලවන්තයන් ව, කීර්තිමත් මනුෂ්‍යයන් ව, තමන්ගේ පිය වංශවල ප්‍රධානියන් ව සිටියෝ ය.