එවිට ඒ වීරයන් තිදෙනා පිලිස්තිවරුන්ගේ කඳවුර මැදින් කඩා බිඳගෙන ගොස්, බෙත්ලෙහෙම් දොරටුව ළඟ තිබෙන ළිඳෙන් වතුර ඇද දාවිත් වෙත ගෙනාහ. එහෙත්, ඔහු එය නොබී, සමිඳාණන් වහන්සේට පානීය පූජාවක් ඔප්පු කොට,
1 ලේකම් 11:18 - Sinhala New Revised Version 2018 එවිට තුන්දෙනා පිලිස්තිවරුන්ගේ හමුදාව මැදින් බිඳගෙන ගොස්, බෙත්ලෙහෙම් දොරටුව සමීපයෙහි වූ ළිඳෙන් වතුර ඇද දාවිත් වෙත ගෙනා හ. එහෙත්, දාවිත් එය බොන්නට අකමැති ව, ඒවා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පූජාවක් ලෙස වත් කොට, Sinhala New Revised Version එවිට තුන්දෙනා පිලිස්තිවරුන්ගේ හමුදාව මැදින් බිඳගෙන ගොස්, බෙත්ලෙහෙම් දොරටුව සමීපයෙහි වූ ළිඳෙන් වතුර ඇද දාවිත් වෙත ගෙනා හ. එහෙත්, දාවිත් එය බොන්නට අකමැති ව, ඒවා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පූජාවක් ලෙස වත් කොට, Sinhala Revised Old Version එවිට ඒ තුන්දෙනා පිලිස්තිවරුන්ගේ හමුදාව මැදින් බිඳගන ගොස් බෙත්-ලෙහෙමේ දොරටුව සමීපයෙහිවූ ළිඳෙන් වතුර ඇද දාවිත් වෙතට ගෙනාවෝය. නුමුත් දාවිත් ඒවා බොන්ට නොකැමැතිව, ඒවා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි වත්කොට කියනුයේ: |
එවිට ඒ වීරයන් තිදෙනා පිලිස්තිවරුන්ගේ කඳවුර මැදින් කඩා බිඳගෙන ගොස්, බෙත්ලෙහෙම් දොරටුව ළඟ තිබෙන ළිඳෙන් වතුර ඇද දාවිත් වෙත ගෙනාහ. එහෙත්, ඔහු එය නොබී, සමිඳාණන් වහන්සේට පානීය පූජාවක් ඔප්පු කොට,
දාවිත් තද ආසාවෙන් සුසුම්ලමින්, “අනේ, බෙත්ලෙහෙම් දොරටුව ළඟ තිබෙන ළිඳෙන් කෙනෙකු මට බොන්නට වතුර ගෙනවුත් දුන්නොත් කොපමණ හොඳ ද” කියා කීවේ ය.
“මේ දේ කිරීමෙන් මාගේ දෙවියන් වහන්සේ මා වළක්වන සේක් වා! තමන්ගේ ජීවිතයට විය හැකි අන්තරාය නොසලකා ගිය මේ මනුෂ්‍යයන්ගේ ලේ මා බොන්න ද? මන්ද, ඔව්හු තමන්ගේ ජීවිත ගැන නොතකා මේවා ගෙනා හ”යි කී ය. එහෙයින් ඔහු ඒ වතුර බොන්න අකමැති විය. බලවන්තයෝ තුන්දෙනා මේ දේ කළෝ ය.
ඔබේ හිතේ මා හැර අන් කිසිවෙකුට ඉඩ නොදෙන්න; ඔබේ අතින් අන් කිසිවෙකු වැළඳ නොගන්න. මන්ද, ප්‍රේමය මරණය මෙන් බලවන්ත ය; රාගය මිනීවළ මෙන් කෲරතර ය. එය ගිනි දලුවක් මෙන් දැල්වෙයි. එය බුර බුරා ඉහළ නඟියි.
එහෙත් මාගේ ජීවිතය වැදගත් ය, නොහොත් මට ම අගේ ය කියා මම කිසිසේත් නොසලකමි. එහෙත් මාගේ පරමාර්ථය වූකලී දෙවියන් වහන්සේගේ කරුණාවේ සුබ අස්නට සාක්ෂි දීමෙන් ස්වාමීන් වන ජේසුස් වහන්සේගෙන් මට පැවරුණ දූත මෙහෙය සපුරා ලීම ය.
එවිට පාවුලු උත්තර දෙමින්, “ඔබ කුමක් කරන්නහු ද? හැඬීමෙන් මාගේ අධිෂ්ඨානය දුර්වල කරන්නේ මන් ද? මම ජෙරුසලමේ දී ස්වාමීන් වන ජේසුස් වහන්සේගේ නාමය නිසා හිරගෙට පමණක් නොව මැරෙන්නට වුවත් සූදානම් ව සිටිමි”යි කී ය.
ඔහු සිය දිවිත් නොතකා ගොස් අර පිලිස්තියයා මැරුවේ ය. එයින් සමිඳාණන් වහන්සේ සියලු ඉශ්රායෙල්වරුන්ට විශිෂ්ට ජයග්‍රහණයක් අත් කර දුන් සේක. ඔබ එය දැක ප්‍රීති වූයෙහි ය. එබැවින් නිකරුණේ දාවිත් මරා නිදොස් ලේ වැගිරීමෙන් ඔබ පව් කරන්නට හදන්නේ මන් ද?”
ඔව්හු මිශ්පා නගරයට රැස් වී වතුර ඇද සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පූජාවක් වශයෙන් වත් කොට, ඒ දවසේ නිරාහාර ව සිට, “අපි සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කෙළෙමු”යි එහි දී කී හ. සාමුවෙල් මිශ්පාහි පදිංචි වී සිට ඉශ්රායෙල් ජනයා විනිශ්චය කෙළේ ය.