ඒ දවසේ දී සමිඳාණන් වහන්සේ ආබ්‍රම් සමඟ ගිවිසුමක් පිහිටුවමින්, “මිසරයේ ගංගාවේ සිට යුප්‍රටීස් මහ ගංගාව දක්වා
1 රාජාවලිය 8:65 - Sinhala New Revised Version 2018 මෙසේ ඒ කාලයෙහි හමාත් නම් දුර්ගයට ඇතුළු වන තැන පටන් මිසරයේ නයිල් ගඟ දක්වා පළාත්වලින් පැමිණි විශාල පිරිසක් වන, සලමොන් ඇතුළු සියලු ඉශ්රායෙල්වරු අප දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සත් දවසක් මංගල්‍ය පැවැත්වූ හ. Sinhala New Revised Version මෙසේ ඒ කාලයෙහි හමාත් නම් දුර්ගයට ඇතුළු වන තැන පටන් මිසරයේ නයිල් ගඟ දක්වා පළාත්වලින් පැමිණි විශාල පිරිසක් වන, සලමොන් ඇතුළු සියලු ඉශ්රායෙල්වරු අප දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සත් දවසක් මංගල්‍ය පැවැත්වූ හ. Sinhala Revised Old Version මෙසේ ඒ කාලයෙහි සාලමොන්ද ඔහු සමඟ සියලු ඉශ්‍රායෙල් වන හාමත්ට ඇතුල්වෙන තැන පටන් මිසරයේ ඔය දක්වා පළාත්වලින් ආවාවූ මහත් සමූහයක්ද අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සත් දවසක්ද තවත් සත්දවසක්ද එනම් දහහතර දවසක් මංගල්‍යය පැවැත්තූහ. |
ඒ දවසේ දී සමිඳාණන් වහන්සේ ආබ්‍රම් සමඟ ගිවිසුමක් පිහිටුවමින්, “මිසරයේ ගංගාවේ සිට යුප්‍රටීස් මහ ගංගාව දක්වා
සලමොන් පිබිද දෙවියන් වහන්සේ ස්වප්නයක් මඟින් කතා කළ බව දැන ගත්තේ ය. ඔහු ජෙරුසලමට අවුත් සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඉදිරියෙහි සිට දවන යාග පූජා ද සහභාගිකමේ පූජා ද ඔප්පු කෙළේ ය. තමාගේ සියලු සේවකයන්ට මංගල්‍යයක් ද පිළියෙළ කොට දුන්නේ ය.
සලමොන් රජ වනාහි යුප්‍රටීස් ගංගාවේ පටන් පිලිස්තිවරුන්ගේ දේශය සහ මිසරයේ දේශ සීමාව දක්වා සියලු රාජ්‍යයන් ආණ්ඩු කෙළේ ය. ඔව්හු කප්පම් ගෙනවුත් දී සලමොන් රජුගේ මුළු කාලය තුළ ඔහුට සේවය කළෝ ය.
ඔහු තිප්සා පටන් ගාසා දක්වා ම යුප්‍රටීස් ගංගාවෙන් මෙගොඩ තිබෙන මුළු දේශය ද මේ ගංගාවෙන් මෙගොඩ විසූ සියලු රජුන් ද පාලනය කෙළේ ය. ඔහු අවට සෑම දිශාවල සාමය පැවතිණි.
සියලු ඉශ්රායෙල්වරු සත් වන මාසය වන ඒතානිම් මාසයේ මංගල්‍යයේ දී සලමොන් රජු වෙත රැස් වූවෝ ය.
අට වන දින ඔහු සෙනඟ යන්නට හැරියේ ය. ඔව්හු රජුට ප්‍රශංසා කර, සමිඳාණන් වහන්සේ තම මෙහෙකරු දාවිත්ටත්, තම සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ටත් කළ සියලු යහපත ගැන ප්‍රීතිමත් ව, සතුටු සිතින් තම ගෙවලට ගියෝ ය.
ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ තමන්ගේ මෙහෙකරු වූ, ගාත්-හෙපෙර්හි දිවැසිවර අමිත්තයිගේ පුත් ජෝනා ලවා කියෙවූ වචනය ලෙස හමාත් දුර්ගයට ඇතුල් වන තැන පටන් අරබා සමභූමියේ මුහුද දක්වා ඉශ්රායෙල්වරුන්ගේ දේශ සීමාව ඔහු නැවත ලබාගත්තේ ය.
අසිරියාවේ රජ බබිලෝනියෙන් ද කුතාවෙන් ද අව්වායෙන් ද හමාතෙන් ද සෙපර්වයිමෙන් ද මිනිසුන් ගෙනවුත්, ඉශ්රායෙල් ජනයා වෙනුවට සමාරියේ නගරවල පදිංචි කරවී ය. ඔව්හු සමාරිය හිමි කරගෙන එහි නගරවල වාසය කළෝ ය.
එවිට ඔහු ජෙරුසලමෙහි රජකම් නොකරන පිණිස පාරාවෝ-නෙකො හමාත් දේශයේ රිබ්ලාහි දී ඔහු සිර අඩස්සි කොට, රිදී කිලෝග්‍රෑම් තුන්දාස් හාරසියයකුත්, රන් කිලෝග්‍රෑම් තිස්හතරකුත් දේශයට දඩ ගැසී ය.
ඒ නිසා, දාවිත් දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව කිරියත්-ජෙයාරීම් සිට ගෙනෙන පිණිස මිසරයේ ෂිහෝර් ඔය පටන් හමාත්ට ඇතුළු වන තැන දක්වා සිටි සියලු ඉශ්රායෙල්වරුන් රැස් කෙළේ ය.
මෙසේ දෙ වන මාසයේ මුහුන් නොදැමූ පූප මංගල්‍යය පවත්වන පිණිස ඉමහත් සභාවක් වූ බොහෝ සෙනඟ ජෙරුසලමට රැස් වුණෝ ය.
මුළු සභාව ද තවත් සත් දවසක් මංගල්‍යය පවත්වන්න සම්මත කරගෙන, එය සත් දවසක් ප්‍රීතියෙන් පැවැත් වූ හ.
නුඹලාගේ දේශ සීමාවන් රතු මුහුදේ සිට මධ්‍යධරණි මුහුද දක්වා ද පාළුකරයේ සිට යුප්‍රටීස් ගඟ දක්වා ද විශාල කරන්නෙමි. එම දේශයේ වැසියන් නුඹලා අතට පාවා දෙන්නෙමි. නුඹලා ද නුඹලා වෙතින් ඔවුන් පන්නා දමන්නහු ය.
ඒ දවසේ දී සමිඳාණන් වහන්සේ ම රටේ එක කොණක සිට අනික් කොණ දක්වා, යුප්‍රටීස් සිට නයිල් ගඟ දක්වා උන් වහන්සේගේ ඉශ්රායෙල් සෙනඟ රැස් කොට විනිශ්චයය කරන සේක. උන් වහන්සේ හොඳ ධාන්‍ය බොල්වලින් වෙන් කරන්නාක් මෙන් සුදනන් දුදනන්ගෙන් වෙන් කරන සේක.
“දකුණු දේශ සීමාව නම්, තාමාර් පටන් මෙරිබොත්-කාදෙෂ්හි ජලයත්, ඉක්බිති මිසර ඔය දිගේ මධ්‍යධරණි මුහුදත් දක්වා තිබේ. දකුණු දිශාවේ දකුණු සීමාව එය වේ.
එහෙත්, සියලු බලැති දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ පිළිතුරු දෙන සේක: “ඉශ්රායෙල් ජනයෙනි, නුඹලාට විරුද්ධ ව මම ජාතියක් එවන්නෙමි. උතුරේ ඇති හමාත්ට ඇතුළු වන දුර්ගයේ සිට, දකුණේ ඇති මළ මුහුද දක්වා ඒ ජාතිය නුඹලාට පීඩා කරනු ඇත.”
ගොස් කල්නේ නගරය බලන්න; එතැනින් හමාත් මහා නගරයට යන්න. ඉන්පසු පිලිස්තියේ ගාත් නගරයට යන්න. ඒවා ඔබේ රාජ්‍යන්ට වඩා යහපත් ව තිබුණා ද? නැතහොත් ඔබේ දේශයන්ට වඩා ඒවා විශාල ද?
“ඒ ප්‍රදේශයේ ගාසාවේ ද අෂ්දොද්හි ද අෂ්කෙලොන්හි ද ගාත්හි ද එක්‍රොන්හි ද පිලිස්තිවරුන්ගේ අධිපතීහු පස්දෙනා විසූ හ. තවද, අවිම් පළාත ද එයට අයිති ය.
ගෙබල්වරුන්ගේ දේශයත්, නැගෙනහිරට හෙර්මොන් කන්ද පහළින් තිබෙන බාල්-ගාද් පටන් හමාත්ට ඇතුළු වන තැන දක්වා මුළු ලෙබනොන් ප්‍රදේශයත් ය.
ජුදා ගෝත්‍රයට ඔවුන්ගේ පවුල් ගණන අනුව ලැබුණු කොටස, දකුණෙහි ඒදොම් සීමාව වන ශීන් පාළුකරයේ දකුණු සීමාන්තය දක්වා ම පිහිටා තිබිණි.
අශ්මොන්ට පැමිණ, මිසරයේ ඔය දක්වාත් තිබිණි. ඒ සීමාව මුහුද ළඟ කෙළවර විය. මෙය ජුදා ගෝත්‍රයේ දකුණු සීමාව විය.
ඒ ජාතීහු නම්, පිලිස්තිවරුන්ගේ අධිපතිවරු පස්දෙනාත්, කානානිවරු සියලුදෙනාත්, සීදොන්වරුත්, බාල්-හෙර්මොන් කන්දේ පටන් හමාත්ට ඇතුළු වන තැන දක්වා ලෙබනොන් කඳුකරයේ වාසය කළ හිවීවරුත් වෙති.