“ඔබේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන් ඔබට විරුද්ධ ව පව් කළ බැවින් සතුරා ඉදිරියෙහි ඔවුන් පරාජය වූ කල, ඔව්හු දෙවනු ඔබ වෙත හැරී ඔබේ නාමය ප්‍රකාශ කර, මේ මාලිගාවේ දී ඔබට යාච්ඤා කර කන්නලව් කළොත්,
1 රාජාවලිය 8:47 - Sinhala New Revised Version 2018 එවිට ඔවුන් වහලුන් කොට ගෙනයනු ලැබූ දේශයේ දී ඔවුන් එය සිතට ගෙන පසුතැවී සිත් හරවා ගෙන, ඔවුන් වහල්කමට ගත් අයගේ දේශයේ දී ඔබට කන්නලව් කොට, ‘අපි පව් කෙළෙමු; හිතුවක්කාරකමින් ද දුෂ්ටකමින් ද ක්‍රියා කෙළෙමු’යි කියමින්, Sinhala New Revised Version එවිට ඔවුන් වහලුන් කොට ගෙනයනු ලැබූ දේශයේ දී ඔවුන් එය සිතට ගෙන පසුතැවී සිත් හරවා ගෙන, ඔවුන් වහල්කමට ගත් අයගේ දේශයේ දී ඔබට කන්නලව් කොට, ‘අපි පව් කෙළෙමු; හිතුවක්කාරකමින් ද දුෂ්ටකමින් ද ක්‍රියා කෙළෙමු’යි කියමින්, Sinhala Revised Old Version ඔවුන් වාලුන් කොට ගෙනයනු ලැබූ දේශයේදී ඔවුන් ඒ කාරණා සිතට ගෙන හැරී ඔවුන් වාලට ගත් අයගේ දේශයේදී ඔබට කන්නලව් කොට: අපි පව් කෙළෙමුව, හිතුවක්කාරකම් කෙළෙමුව, දුෂ්ටලෙස ක්‍රියා කෙළෙමුයයි කියමින්, |
“ඔබේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන් ඔබට විරුද්ධ ව පව් කළ බැවින් සතුරා ඉදිරියෙහි ඔවුන් පරාජය වූ කල, ඔව්හු දෙවනු ඔබ වෙත හැරී ඔබේ නාමය ප්‍රකාශ කර, මේ මාලිගාවේ දී ඔබට යාච්ඤා කර කන්නලව් කළොත්,
ඔවුන් වහලුන් කොට ගෙනයනු ලැබූ දේශයෙහි දී ඔවුන් එය සිතට ගෙන පසුතැවී සිත් හරවා ගෙන එම දේශයේ දී ඔබට කන්නලව් කර, ‘අපි පව් කෙළෙමු; අපි හිතුවක්කාරකම් කොට දුෂ්ට ලෙස ක්‍රියා කෙළෙමු’යි කියමින්,
ඉශ්රායෙල් ජාතිය අන්‍ය සියලු ජාතීන්ගෙන් වෙන් වී, තමන්ගේ පව් ද තමන්ගේ පියවරුන්ගේ අපරාධ ද ප්‍රකාශ කළහ.
නුඹේ වැඩිමහල් වූ ද බාල වූ ද සහෝදරියන් ආපසු පිළිගත් විට නුඹ නුඹේ කල්ක්‍රියාව සිහි කොට ලජ්ජාවන්නෙහි ය. නුඹ සමඟ මා කළ ගිවිසුමේ කොටසක් නොවූවත්, මම ඔවුන් දූවරුන් කොට නුඹට දෙන්නෙමි.
නුඹ කළ සියලු වරදට මම නුඹට කමා වන්නෙමි. එහෙත්, නුඹ ඒවා සිහි කොට ලජ්ජාවෙන් තවත් කට නෑර සිටින්නෙහි ය. ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක.”
මා ඔවුන් ජාතීන් අතරේ විසුරුවා හරින නමුත්, ඔවුන් දුර බැහැර රටවල දී මා සිහි කොට, ඔවුන්ගේ දරුවන් සමඟ ජීවත් ව සිට ආපසු හැරී එනු ඇත.
“මම දාවිත්ගේ වංශයට ද ජෙරුසලමේ සෙනඟට ද කරුණාවේ හා අයැදීමේ සිතක් දෙන්නෙමි. ඔව්හු තමන් විසින් ඇන තුවාළ කරන ලද්දා වූ තැනැත්තා දෙස බලා, නැති වූ එක ම පුත්‍රයා ගැන වැලපෙන අය මෙන් වැලපෙන්නෝ ය; එක ම පුත්‍රයා ගැන ශෝක වන්නාක් මෙන් ශෝක වන්නෝ ය.
ඔව්හු මිශ්පා නගරයට රැස් වී වතුර ඇද සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පූජාවක් වශයෙන් වත් කොට, ඒ දවසේ නිරාහාර ව සිට, “අපි සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කෙළෙමු”යි එහි දී කී හ. සාමුවෙල් මිශ්පාහි පදිංචි වී සිට ඉශ්රායෙල් ජනයා විනිශ්චය කෙළේ ය.