එහෙත්, සමිඳාණන් වහන්සේ මාගේ පිය වූ දාවිත්ට කතා කොට, ‘මාගේ නාමයට මාලිගාවක් ගොඩනඟන්නට නුඹේ සිතේ තිබූ අදහස හොඳ එකකි.
1 රාජාවලිය 8:17 - Sinhala New Revised Version 2018 “ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයට මාලිගාවක් ගොඩනැඟීමට අදහසක් මාගේ පිය වූ දාවිත්ගේ සිතේ තිබිණි. Sinhala New Revised Version “ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයට මාලිගාවක් ගොඩනැඟීමට අදහසක් මාගේ පිය වූ දාවිත්ගේ සිතේ තිබිණි. Sinhala Revised Old Version ඉශ්රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමයට ගෘහයක් ගොඩනගන්ට මාගේ පියවූ දාවිත්ගේ සිතේ තිබුණේය. |
එහෙත්, සමිඳාණන් වහන්සේ මාගේ පිය වූ දාවිත්ට කතා කොට, ‘මාගේ නාමයට මාලිගාවක් ගොඩනඟන්නට නුඹේ සිතේ තිබූ අදහස හොඳ එකකි.
දාවිත් තමාගේ පුත් සලමොන්ට කතා කොට, “මාගේ පුත්රය, දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයට මාලිගාවක් ගොඩනඟන්න මම අදහස් කෙළෙමි.
එකල දාවිත් රජු නැඟිට සිට කතා කොට, “මාගේ සහෝදරයෙනි, මාගේ ජනයෙනි, මට සවන් දෙන්න. සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව තබන පිණිස එනම්, අපේ දෙවියන් වහන්සේට වැඩ විසීම පිණිස ස්ථිර නිවාසයක් ගොඩනඟන්න මම අදහස් කෙළෙමි. එය ගොඩනැඟීමට මා විසින් සූදානම් කරනු ලැබ තිබුණේ ය.
සමිඳුන්ට වාසස්ථානයක් සොයන තුරු, ජාකොබ්ගේ පරාක්රමයාණන් වහන්සේට මණ්ඩපයක් සපයන තුරු මම එසේ කරන්නෙමි.”