Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 8:17 - Sinhala Revised Old Version

17 ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමයට ගෘහයක් ගොඩනගන්ට මාගේ පියවූ දාවිත්ගේ සිතේ තිබුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 “ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයට මාලිගාවක් ගොඩනැඟීමට අදහසක් මාගේ පිය වූ දාවිත්ගේ සිතේ තිබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 “ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයට මාලිගාවක් ගොඩනැඟීමට අදහසක් මාගේ පිය වූ දාවිත්ගේ සිතේ තිබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 8:17
6 හුවමාරු යොමු  

එකල දාවිත් රජ නැගී සිට කථාකොට: මාගේ සහෝදරයෙනි, මාගේ ජනයෙනි, මට ඇහුම්කන්දෙන්න. ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය තැබීමටද අපේ දෙවියන්වහන්සේගේ පාපුටුව කොටද විශ්‍රාම නිවාසයක් ගොඩනගන්ට මාගේ සිතේ තිබුණේය; ඒක ගොඩනැගීමට මා විසින් සූදානම්කරලාත් තිබුණේය.


දාවිත් තමාගේ පුත්‍රවූ සාලමොන්ට කථාකොට: මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමයට ගෘහයක් ගොඩනගන්ට මාගේ සිතේ තිබුණේය.


එහෙත් ස්වාමීන්වහන්සේ මාගේ පියවූ දාවිත්ට කථාකොට: මාගේ නාමයට ගෘහයක් ගොඩනගන්ට නුඹේ සිතේ තිබුණ කල්පනාව හොඳ කාරණයක්මය.


ඔහු ස්වාමීන්ට දිවුරමින් යාකොබ්ගේ පරාක්‍රමයාණන්වහන්සේට භාරයක් වූ හැටි සිහිකළ මැනව.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්