තවද, සේදීම පිණිස ලෝකඩ භාජන දසයක් ඔහු සෑදුවේ ය. එක එක භාජනයේ වතුර ප්‍රමාණය ලීටර් අටසියයක් බැගින් විය. එක එක භාජනය මීටර් එකයි දශම අටක් පළල ය. රථ දසයෙන් එක එක රථය පිට භාජනයක් බැගින් තිබිණි.
1 රාජාවලිය 7:39 - Sinhala New Revised Version 2018 ඔහු රථ පහක් මාලිගාවට දකුණු පැත්තෙන් ද පහක් වම් පැත්තෙන් ද තැබුවේ ය. ඔහු වතුර පොකුණ මාලිගාවට දකුණු පැත්තෙන් නැගෙනහිර දිශාවටත්, දකුණු දිශාවටත් අතරේ තැබුවේ ය. Sinhala New Revised Version ඔහු රථ පහක් මාලිගාවට දකුණු පැත්තෙන් ද පහක් වම් පැත්තෙන් ද තැබුවේ ය. ඔහු වතුර පොකුණ මාලිගාවට දකුණු පැත්තෙන් නැගෙනහිර දිශාවටත්, දකුණු දිශාවටත් අතරේ තැබුවේ ය. Sinhala Revised Old Version ඔහු අඩි පහක් ගෘහයට දකුණු පැත්තෙන්ද පහක් ගෘහයට වම් පැත්තෙන්ද තැබුවේය. ජලාධාරය වනාහි ඔහු ගෘහයට දකුණු පැත්තෙන් පූර්ව දිශාවටත් දකුණු දිශාවටත් අතරේ තැබුවේය. |
තවද, සේදීම පිණිස ලෝකඩ භාජන දසයක් ඔහු සෑදුවේ ය. එක එක භාජනයේ වතුර ප්‍රමාණය ලීටර් අටසියයක් බැගින් විය. එක එක භාජනය මීටර් එකයි දශම අටක් පළල ය. රථ දසයෙන් එක එක රථය පිට භාජනයක් බැගින් තිබිණි.
තවද, හීරාම් තෙමේ සෝදන භාජන ද හැඳි ද තැටි ද සෑදී ය. මෙසේ හීරාම් සමිඳාණන් වහන්සේගේ මාලිගාව සඳහා සලමොන් රජු උදෙසා කළ සියලු වැඩ නිම කෙළේ ය.
සේදීම පිණිස ඔහු භාජන දහයක් සාදා, පහක් දකුණු පැත්තේ ද පහක් වම් පැත්තේ ද තැබී ය. දවන යාග පූජාවට ඔප්පු කළ දේ එහි සෝදන ලද්දේ ය. එහෙත්, වතුර පොකුණ තිබුණේ පූජකයන්ට ස්නානය කරන පිණිස ය.
ඔහු රන් පහන් රුක් දසයත් ඒවායේ නියම පිළිවෙළට සාදා, මාලිගාවේ දකුණේ පහකුත්, වමේ පහකුත් තැබුවේ ය.
මෙසේ සලමොන් සමිඳාණන් වහන්සේගේ මාලිගාව උදෙසා කළ සියලු වැඩ සම්පූර්ණ විය. සලමොන් තමාගේ පිය දාවිත් විසින් කැප කරනු ලැබ තිබුණු දේවල් එනම්, රිදී ද රන් ද සියලු භාණ්ඩ ද ඇතුළට ගෙනවුත් දෙවියන් වහන්සේගේ මාලිගාවේ ගබඩාවල ඒවා තැබී ය.