Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 රාජාවලිය 7:38 - Sinhala New Revised Version 2018

38 තවද, සේදීම පිණිස ලෝකඩ භාජන දසයක් ඔහු සෑදුවේ ය. එක එක භාජනයේ වතුර ප්‍රමාණය ලීටර් අටසියයක් බැගින් විය. එක එක භාජනය මීටර් එකයි දශම අටක් පළල ය. රථ දසයෙන් එක එක රථය පිට භාජනයක් බැගින් තිබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

38 තවද, සේදීම පිණිස ලෝකඩ භාජන දසයක් ඔහු සෑදුවේ ය. එක එක භාජනයේ වතුර ප්‍රමාණය ලීටර් අටසියයක් බැගින් විය. එක එක භාජනය මීටර් එකයි දශම අටක් පළල ය. රථ දසයෙන් එක එක රථය පිට භාජනයක් බැගින් තිබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

38 තවද සේදීම පිණිස පිත්තල භාජන දශයක් ඔහු සෑදුවේය. එක එක භාජනයේ බාත් සතළිසක් ඇල්ලුවේය. එක එක භාජනය රියන් හතරක් පළලය. අඩි දසයෙන් එක එක අඩිය පිට භාජනයත් තිබුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 7:38
12 හුවමාරු යොමු  

ඔහු රථ දසයක් ලෝකඩින් සෑදී ය. එක එක රථයේ දිග මීටර් එකයි දශම අටකි. පළල මීටර් එකයි දශම අටකි. උස මීටර් එකයි දශම තුනකි.


ඔහු රථ පහක් මාලිගාවට දකුණු පැත්තෙන් ද පහක් වම් පැත්තෙන් ද තැබුවේ ය. ඔහු වතුර පොකුණ මාලිගාවට දකුණු පැත්තෙන් නැගෙනහිර දිශාවටත්, දකුණු දිශාවටත් අතරේ තැබුවේ ය.


දවන යාග පිදීමේ පූජාසනය හා එහි උපකරණ ද වතුර භාජනය හා එහි අඩිය ද ආලේප කළ යුතු ය.


ඉන්පසු ඔහු සම්මුඛ කූඩාරමට ඇතුළු වන දොරටුව ළඟ සේවා කළ කාන්තාවන්ගේ ලෝකඩ කැඩපත්වලින් වතුර භාජනය සහ එහි ලෝකඩ අඩිය සෑදී ය.


සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඒ කාලයේ දී පාපය හා රූප වන්දනාවෙන් දාවිත්ගේ ගෝත්‍රය ද ජෙරුසලමේ වැසියන් ද පවිත්‍ර කරන පිණිස උල්පතක් ඇරෙන්නේ ය.


එබැවින් අපි නපුරු හෘදය සාක්ෂියකින් පවිත්‍ර කරනු ලැබූ සිත් ද, පිරිසිදු වතුරෙන් ධෝවනය කළ ශරීර ද ඇති ව අවංක සිතක් හා ඒකාන්ත ඇදහීමේ සහතිකය ද ඇති ව, දෙවියන් වහන්සේ වෙත ළඟා වෙමු.


මේවා කෑමබීමවලින් හා විවිධාකාර ආගමික ධෝවනවලින් සමන්විත බාහිර වත්පිළිවෙත් පමණකි. මේවා පවතින්නේ දෙවියන් වහන්සේ සියල්ල සංශෝධනය කරන තුරු පමණ ය.


එහෙත් උන් වහන්සේ ආලෝකයෙහි සිටින සේ ම අපිත් ආලෝකයෙහි හැසිරෙමු නම්, එකිනෙකා සමඟ සහභාගිකම අපට ඇත. එවිට උන් වහන්සේගේ පුත්‍රයාණන් වන ජේසුස් වහන්සේගේ ලේ සියලු පව්වලින් අප පවිත්‍ර කරන්නේ ය.


“මාගේ ස්වාමීනි, ඔබ එය දන්නෙහි ය”යි මම ඔහුට කීමි. එවිට ඔහු මා අමතා, “මොවුහු මහත් පීඩා මැදින් එන්නාහ. ඔව්හු තම සළු බැටළු පෝතකයාණන්ගේ ලෙයින් සෝදා සුදු කරගත්තෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්