එහි ගනකම මිලිමීටර් හැත්තෑපහකි. එහි ගැටිය පාත්‍රයක ගැටිය මෙන් මානෙල් මලක් ලෙස සාදන ලද්දේ ය. එහි ජල ප්‍රමාණය ලීටර් හතළිස්දහසක් පමණ විය.
1 රාජාවලිය 7:27 - Sinhala New Revised Version 2018 ඔහු රථ දසයක් ලෝකඩින් සෑදී ය. එක එක රථයේ දිග මීටර් එකයි දශම අටකි. පළල මීටර් එකයි දශම අටකි. උස මීටර් එකයි දශම තුනකි. Sinhala New Revised Version ඔහු රථ දසයක් ලෝකඩින් සෑදී ය. එක එක රථයේ දිග මීටර් එකයි දශම අටකි. පළල මීටර් එකයි දශම අටකි. උස මීටර් එකයි දශම තුනකි. Sinhala Revised Old Version ඔහු අඩි දසයක් පිත්තලෙන් සෑදුවේය; එක එක අඩියේ දිග සතර රියනක්ය, පළල සතර රියනක්ය, උස තුන් රියනක්ය. |
එහි ගනකම මිලිමීටර් හැත්තෑපහකි. එහි ගැටිය පාත්‍රයක ගැටිය මෙන් මානෙල් මලක් ලෙස සාදන ලද්දේ ය. එහි ජල ප්‍රමාණය ලීටර් හතළිස්දහසක් පමණ විය.
තවද, සේදීම පිණිස ලෝකඩ භාජන දසයක් ඔහු සෑදුවේ ය. එක එක භාජනයේ වතුර ප්‍රමාණය ලීටර් අටසියයක් බැගින් විය. එක එක භාජනය මීටර් එකයි දශම අටක් පළල ය. රථ දසයෙන් එක එක රථය පිට භාජනයක් බැගින් තිබිණි.
තවද, ආහාස් රජ අසිරියාවේ රජු නිසා මැසිවල පනේල කපාදමා ඒවා උඩ තිබූ භාජනය අහක් කෙළේ ය. ලෝකඩ බඳුන යට තිබූ ගව රූප අටෙන් ලෝකඩ බඳුන බස්වා ගල් ඇල්ලූ බිමක තැබී ය.
තවද, කල්දිවරු සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි තිබූ ලෝකඩ කණු ද මැසි ද එහි තිබූ ලෝකඩ බඳුන් ද කඩාගෙන ඒවායේ ලෝකඩ බබිලෝනියට ගෙන ගියහ.
සලමොන් විසින් සමිඳාණන් වහන්සේගේ මාලිගාවට සාදන ලද කුලුණු දෙකත්, ලෝකඩ බඳුනේ මැසිත් යන සියලු බඩුවල ලෝකඩවල බර මනින්නට බැරි තරමට තිබිණි.
“බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙශර්, ජෙහෝයාකිම්ගේ පුත් ජුදාහි රජු වූ ජෙකොනියා ද ජුදාහි හා ජෙරුසලමේ ප්‍රධානීන් ද අල්ලාගෙන බබිලෝනියට යද්දී, ඔහු කුලුණු, ලෝකඩ තටාකය, මැසි හා දේව මාලිගාවේ අනික් භාණ්ඩ ගෙන ගියේ නැත.
තවද, සමිඳාණන් වහන්සේගේ මාලිගාවට අයිති ලෝකඩ කුලුණු ද එහි තිබුණු මැසි ද මහ ලෝකඩ භාජනය ද කඩාදමා, බබිලෝනිවරු ඒවායේ ලෝකඩ සියල්ල ම බබිලෝනියට ගෙන ගියෝ ය.
සලමොන් රජ සමිඳාණන් වහන්සේගේ මාලිගාවට සෑදූ කුලුණු දෙක ද ලෝකඩ තටාකය ද මැසි ද මැසි යට තිබුණු ලෝකඩ ගව රූප දොළොස ද යන භාණ්ඩ වල ලෝකඩ කිරන්නට බැරි තරම් බර ය.