එක කෙරුබ්වරයෙකුගේ රූපයක උස මීටර් හතරයි දශම හතරකි. අනික් කෙරුබ්වරයාගේ රූපයත් එසේ ම ය.
1 රාජාවලිය 6:27 - Sinhala New Revised Version 2018 ඔහු ඒ කෙරුබ්වරුන්ගේ රූප ඇතුළු ගෘහය තුළ පිහිටෙවුවේ ය. එක කෙරුබ්වරයෙකුගේ රූපයක පියාපතක් එක බිත්තියකට වදින හැටියටත්, අනික් කෙරුබ්වරයාගේ රූපයේ පියාපතක් අනික් බිත්තියට වදින හැටියටත්, ඒවායේ පියාපත් ඇතුළු ගෘහය මැද එකිනෙකට වදින හැටියටත් ඒවායේ පියාපත් විහිදුවා තබන ලද්දේ ය. Sinhala New Revised Version ඔහු ඒ කෙරුබ්වරුන්ගේ රූප ඇතුළු ගෘහය තුළ පිහිටෙවුවේ ය. එක කෙරුබ්වරයෙකුගේ රූපයක පියාපතක් එක බිත්තියකට වදින හැටියටත්, අනික් කෙරුබ්වරයාගේ රූපයේ පියාපතක් අනික් බිත්තියට වදින හැටියටත්, ඒවායේ පියාපත් ඇතුළු ගෘහය මැද එකිනෙකට වදින හැටියටත් ඒවායේ පියාපත් විහිදුවා තබන ලද්දේ ය. Sinhala Revised Old Version ඔහු ඒ කෙරුබ් රූප ඇතුල් ගෘහය තුළ පිහිටෙවුවේය. එක කෙරුබ් රූපයක පියාපතක් එක භිත්තියට වදින හැටියටත් අනික් කෙරුබ් රූපයේ පියාපතක් අනික් භිත්තියට වදින හැටියටත් ඒවායේ පියාපත් ගෘහය මධ්‍යයෙහි එකිනෙකට වදින හැටියටත් ඒවායේ පියාපත් විහිදුවා තබනලද්දේය. |
එක කෙරුබ්වරයෙකුගේ රූපයක උස මීටර් හතරයි දශම හතරකි. අනික් කෙරුබ්වරයාගේ රූපයත් එසේ ම ය.
පූජකවරු සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව අතිශුද්ධස්ථානය වන දේව මාලිගාවේ දිව්‍ය-වාක්‍යස්ථානයට ගෙනවුත් කෙරුබ්වරුන්ගේ පියාපත් යට ඊට නිසි තැන එය තැබූ හ.
මන්ද, කරඬුව තබන ලද ස්ථානයට උඩින් විහිදී තිබූ කෙරුබ්වරුන්ගේ පියාපත්වලට කරඬුවත්, එහි පොලුත් උඩින් වැසී තිබුණේ ය.
කෙරුබ් රූප පියාපත්වල දිග මීටර් නවයකි. එක පියාපතක් මීටර් දෙකයි දශම දෙකකි. එකක් මාලිගාවේ බිත්තියට ස්පර්ශ වන ලෙස ද, අනික් පියාපත මීටර් දෙකයි දශම දෙකක් දික් ව, අනික් කෙරුබ් රූපයේ පියාපතකට ස්පර්ශ වන ලෙස ද තිබුණේ ය.
එසේ කරඬුව තැබූ ස්ථානයට උඩින් විහිදී තිබුණු කෙරුබ්වරුන්ගේ පියාපත්වලට කරඬුවත් එහි පොලුත් වැසී තිබුණේ ය.
කෙරුබ්වරුන්ගේ පියාපත් ද උඩට විහිදී කරුණාසනයට ඉහළින් එය වසා සිටින සේ තිබිය යුතු ය. ඔවුන් එකිනෙකා මුහුණට මුහුණ ලා බලා සිටින්නාක් මෙන්, කරුණාසනය දෙසට ඔවුන්ගේ මුහුණු ද හරවා තිබිය යුතු ය.
කෙරුබ්වරුන්ගේ ද පියාපත් උඩට විහිදී, කරුණාසනයට ඉහළින් එය වසා ගත්තාක් මෙන් තිබිණි. තවද, ඔවුන් එකිනෙකා මුහුණට මුහුණ ලා සිටින පරිදි කරුණාසනය දෙසට ඔවුන්ගේ මුහුණු හැරී තිබිණි.